SKIP TO MAIN CONTENT

සිම්බාබ්වේ තුළ සිදුවුණේ හමුදා කුමන්ත්‍රණයක් නෙමෙයි : සිම්බාබ්වේ හමුදාව ජාත්‍යන්තර චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Mugabe under house arrest in Zimbabwe
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සිම්බාබ්වේ ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ නිරුපද්‍රිතව නිවාස අඩස්සියේ සිටින බව මේ වන විට තහවුරු වී ඇත.

ඊයේ දිනයේදී සිම්බාබ්වේ ජනාධිපතිවරයා නිවාස අඩස්සියට ගෙන සිම්බාබ්වේ පාලනය හමුදාව බාරයට ගත් බව ජාත්‍යන්තර පුවත් වාර්තා කළේය.

කෙසේනමුත් මෙය හමුදා කුමන්ත්‍රණයක් හෝ රාජ්‍ය විරෝධී කැරැල්ලක් නොවන බව සිම්බාබ්වේ හමුදාවේ මේජර් ජනරාල්  Sibusiso Moyo පැවසීය.

“ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ නිරුපද්‍රිතව ඉන්නවා. අපි ඉලක්ක කරන්නේ ඔහු වටා හිටපු අපරාධකරුවන්වයි. අපේ මෙහෙයම අවසාන වූ විට සියලු කටයුතු යථා තත්ත්වයට පත්වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මේජර් ජනරාල්  Sibusiso Moyo වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි වලට ඇතුල් විය නොහැකි අයුරින් සන්නද්ධ හමුදා රථ නවතා තබා ඇති අයුරු පෙනෙන්නට තිබේ.

නමුත් සිම්බාබ්වේ ජනතාව සාමාන්‍යය ලෙස වීදි සරමින් තම එදිනෙදා කටයුතු සිදු කරමින් සිටින බවක්ද වාර්තා වේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now