SKIP TO MAIN CONTENT

21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුරලි ව නම් කෙරේ

Murali among the Wisden Almanack’s Top 5 Cricketers of all time in ODIs
Murali among the Wisden Almanack’s Top 5 Cricketers of all time in ODIs Source: Facebook/ Muttiah Muralitharan

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එංගලන්තයේ විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ව නම් කර තිබේ.

මෙම නම් කිරීම සිදු කිරීමට පෙර වසර 2000 සිට 2020 දක්වා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් දත්ත එක්රැස් කර ඇති බව වාර්තා වේ.

ටෙස්ට් කඩුලු 800 ක් දවාගෙන ඇති මුරලිදරන් ඉන් 573 ක් ලබාගෙන ඇත්තේ වසර 2000 සහ 2010 අතර ක්‍රීඩා කළ තරග 85 කදී වීම මෙහිදී අවධානයට පාත්‍ර වූ සුවිශේෂී දස්කමකි.

ලොව වැඩිම ටෙස්ට් හා එක් දින කඩුලු ලාභියා ලෙස ලෝක වාර්තා දෙකටම තවමත් හිමිකම් කියනුයේ මුත්තයියා මුරලිදරන් ය.

මුරලි ටෙස්ට් කඩුලු 800 ක් බිඳ හෙළා ඇති අතර ටෙස්ට් කඩුලු 800 සීමාවට පිවිසි පළමු සහ එකම පන්දු යවන්නා ලෙසද සඳහන්.

මුත්තයියා මුරලිදරන් එක් දින තරග වලදී කඩුලු 534 ක් දවාගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now