ශ්‍රී ලංකාවේ දක්ෂ ගායන හා වාදන ශිල්පී, සංගීතඥ ජයන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (06/04) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට ඒ මහතා 51 හැවිරිදි වියෙහි පසුවූ බව වාර්තා වේ.
ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.
ඔහුගේ අවසන් කටයුතු හෙට (07/04) සිදුකෙරෙන බව වාර්තා වේ.
Share

