SKIP TO MAIN CONTENT

කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමේ අයිතිය මුස්ලිම් ජාතිකයින්ට හිමිවිය යුතුයි: මෛත්‍රීපාල සිරිසේන

Maithripala Sirisena
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

අපේක්ෂා කරන සාධාරණ ආසන ප්‍රමාණයක් පළාත් සභා ඡන්දයේදී ලබා දීමට ආණ්ඩු පක්ෂය අපොහොසත් වන්නේ නම්, තනි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනතුරු අඟවා තිබේ.

2020 මහ මැතිවරණයේ අපේක්ෂකයින් තෝරා ගැනීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

19 වන සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රසාදයක් නැතැයි පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා හින්දු පුවත්පත සමග පවසා ඇත්තේ තවදුරටත් තමන් ධුරයේ සිටියේ නම් 19 වන සංශෝධනයේ ඇතැම් වෙනස්කම් සිදුකර එය තවදුරටත් ශක්තිමත් කරන බවය.

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමේ අයිතිය මුස්ලිම් ජාතිකයින්ට හිමිවිය යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ.

ඔහු අවධාරණය කරන්නේ, එම සිරුරු භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති පසුබිමක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස තමන්ද එම මතය සමග එකඟ බවය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now