My Health Record වෙබ් අඩවියේ ආරක්ෂාව තර කරයි (SBS සිංහල/ වාර්තා)

Health Minister Greg Hunt said privacy provisions for My Health Record will now be strengthened.

Health Minister Greg Hunt said privacy provisions for My Health Record will now be strengthened. Source: AAP

ඕස්ට්‍රේලියානු රජය විසින් ක්‍රියාත්මක My Health Record වෙබ් අඩවියේ අඩංගු මහජනතාවගේ පුද්ගලික තොරතුරු වල රහස්‍ය භාවය පිළිබද මතභේදාත්මක කතාබහක් පසුගියදා ඇති වූ අතර, ඉන් අනතුරුව එහි ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගත් බව සෞඛ්‍යය ඇමති Greg Hunt පවසයි.

My Health Record වෙබ් අඩවියේ අඩංගු පුද්ගලික තොරතුරු පොලීසියට අධිකරණ නියෝගයකින් තොරව ලබාගත හැකි බවට පසුගියදා තොරතුරු වාර්තා වූ අතර, රජය විසින් අදාල නීතිය වෙනස් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. ඒ  අනුව එලෙස පොලිසියට අදාල වෙබ් අඩවිය තුල අඩංගු පුද්ගලික තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නව නීතිය අනුව අධිකරණ නියෝගයක් අවශ්‍ය බව සදහන්.

පසුගියදා ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සහ  Royal Australian College of General Practitioners යන ආයතන වල නියෝජිතයින් හමුවේ අමාත්‍ය මෙම නව නීති පිලිබදව ප්‍රකාශ කර තිබිණි. My Health Record වෙබ් අඩවියට යමෙකු තම තොරතුරු ඇතුලත් කිරීමට අකැමති නම් ඒ පිලිබදව ඔවුන්ට දැනුම් දිය යුතු අතර, එසේ නැත්නම් සෑම ඕස්ට්‍රේලියානුවෙකුගේම තොරතුරු ඊට ඇතුලත් වන බව සදහන්. තවද මේ පිලිබදව තීරණය ගැනීමට ජනතාවට ලබාදී තිබු කාලයද දීර්ඝ කිරීමට අමාත්‍යවරයා කැමැත්ත පලකල බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති Tony Bartone SBS සමග සදහන් කළේය. දැනට මේ සදහා 2018 ඔක්තෝබර් 15 දා දක්වා කල් ලබාදී තිබේ.

සෞඛ්‍යය කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට සහ සෞඛ්‍යය කේෂ්ත්‍රයේ ආයතන වලට ඕස්ට්‍රේලියානු Digital Health ඒජන්සිය මගින් ක්‍රියාත්මක මෙම My Health Record වෙබ් අඩවියේ අඩංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ලබාගත හැකි අතර, එහි අඩංගු පුද්ගලික තොරතුරු කිසිම අවස්ථාවක අධිකරණ නියෝගයකින් තොරව පොලිසියට ලබා නොදෙන බව සෞඛ්‍යය ඇමති Greg Hunt අවධාරණය කර සිටියි. යමෙකු රජයේ My Health Record වැඩසටහන පිලිබදව ව්‍යාකූල තත්වයක සිටියා නම් මෙම නව නීති සමගින් එහි ආරක්ෂාව පිලිබදව සහතිකයක් ලැබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.

සෞඛ්‍යය දත්ත ඩිජිටල් ක්‍රමවේදයකට අනුව ගබඩා කර තැබීමට තමන්ද එකග නමුත්, වත්මන් රජය එම සංවේදී දත්ත සමග ගනුදෙනු කරන ආකාරය වැරදි බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍යය දත්ත ඩිජිටල්කරණය කිරීමේ වැදගත් කම පිලිබදව රජය ජනතාව දැනුවත් කිරීම ඉදිරියටත් සිදු කරන බව  සෞඛ්‍යය ඇමති Greg Hunt සදහන් කරයි. වෛද්‍ය කේෂ්ත්‍රයේ සේවයේ නියුතු අයට  මෙම තොරතුරු  හුවමාරු කරගැනීමට අවස්ථාව උදා වන නිසා විවිධ රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී අදාල ක්‍රමවේදය වඩා කාර්යක්ෂම වන අතර, නව ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීමේදී ද මෙම ඩිජිටල් දත්ත ගබඩාවේ ඇති දත්ත භාවිතා කිරීමට හැකි වනු ඇති බව සදහන්.

මේ අතර අන්තර්ජාලය තුල ඇති තොරතුරු වල පුද්ගලිකත්වය පිළිබද ප්‍රවිනයින්ද රජයේ නව නීති හදුන්වා දීම යහපත් පියවරක් බව ප්‍රකාශ කර තිබේ.


3 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now