SKIP TO MAIN CONTENT

මියන්මාරයෙන් ආ සද්දන්ත කුලේ ඇතෙකු ශ්‍රී දළදා මාලිගාවට ඇවිත්...(වීඩියෝ)

new elephant for temple of tooth relic
- Kandy - Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka



Skip to article content

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය සදහා මියන්මාර රජය විසින් පරිත්‍යාග කරන ලද සද්දන්තු කුලයේ ඇතු මේ වන විට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත රැගෙන රැගෙනවිත් තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කරඩුව වැඩම කළ 'ඒකදන්තයා' නම් ඇතුගේ මණයෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුව මෙම ඇතු ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මියන්මාර රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉකුත්දා මෙම ඇතු ත්‍රිකුණාමලය වරායෙන් ශ්‍රී ලංකාවට නැව් මගින් ගෙනැවිත් තිබුණු අතර මේ වන විට එම ඇතු ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රදවා තිබේ. වයස අවුරුදු  24 ක් වන ඇතු මේ වන විට පරිවාස කාලයේ පශු වෛද්‍යවරුන්ගේ නීරීක්ෂණය යටතේ සිටින අතර එම ඇතු මේ වන විට සෙසු අලි ඇතුන්ගෙන් වෙන්ව තබා ඇත.

ශ්‍රී ලංකාවේ පරිසරයට හා සෙසු අලි ඇතුන් සමග සාමුහිකව ගැවසීම ඉදිරියේදී පුහුණූ කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ ඇලි ඇතුන් භාර නිලධාරී ප්‍රදීප් මියනපලාව මහතා පැවසීය.  ඇතුන් 09 දෙනෙකුගෙන් හා අලියන් තිදෙනෙකුගෙන් යුතු අලි ඇත් පන්තියකින් ශ්‍රී දළදා මාලිගාව සමන්විත බව ද ඒ මහතා කීවේය.

මියන්මාර රජයෙන් හිමිවූ ඇතු නිල වශයෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රදානය කිරීම ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුව වෙත .


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now