SKIP TO MAIN CONTENT

මියන්මාරයේ කිසිදු ආගමික යුද්ධයක් නැති බව බව මියන්මාර හමුදාව පාප් වහන්සේට කියයි.

Pope Myanmar visit
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (27/11)  මියන්මාරයට සැපත්වූහ.

ලොව බහුතරයක් වෙසෙන කතෝලිකයන්ගේ ‘රෝමානු කතෝලික පල්ලියේ’ නායකයා වන පාප්වහන්සේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයට පැමිණියේ එරටට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් රෝහින්ග්‍යා වරුන්ට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට චෝදනා එල්ල වී තිබෙන මොහොතකය. 

 

මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනකොටසක් වන රොහින්ග්‍යාවරුන් ඉලක්ක කරගනිමින් එරට හමුදාව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවට බටහිර පුවත් වාර්තා කරයි.

නමුත් තම හමුදාවන්  මෙහෙයුම් දියත් කර තිබෙන්නේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව මිස සාමාන්‍ය මුස්ලිම් වරුන්ට එරෙහිව නොවන බව මියන්මාර හමුදාව පාප්වහන්සේ වෙත ප්‍රකාශ කර තිබේ.

 

මියන්මාර සංචාරයෙන් පසු පාප්වහන්සේ බංග්ලාදේශයේද සංචාරය කිරීමට නියමිත බව සඳහන්.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now