SKIP TO MAIN CONTENT

ස්පාඤ්ඤයේ Nadal සහ අමෙරිකාවේ Stephens ටෙනිස් ඉතිහාසය අලුතින් ලියයි. (වීඩියෝ)

2017 US Open Finals
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

2017 ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ Rafael Nadal ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (10/09) රාත්‍රියේ සමත් විය.

අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක Kevin Anderson ව, 6-3, 6-3 සහ 6-4 ක් ලෙස පරාජයට පත් කරමින් නඩාල් මෙවර ලබා ගත්තේ තම 3 වන ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය වේ.

එමෙන්ම එය ඔහුගේ 16 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ලෙසද වාර්තා වේ.

ඊට අමතරව මෙවර ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ඇමෙරිකාවේ Sloane Stephens සමත් විය.

ඒ ඇමෙරිකානු ටෙනිස් ක්‍රීඩිකා Madison Keys ව 6-3 ක් සහ 6-0 ක් ලෙස පරාජයට පත් කරමිනි.

Sloane Stephens මෙවර ලබාගත් ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ඇයගේ  පළමු ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව මෙන්ම ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ලෙසද වාර්තා වේ.

Sloane Stephens, මෙවර අනෙක් ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වීමට පෙරාතුව සිටියේ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි 957 වන ස්ථානයේ වීමද අනෙක් සුවිශේෂී කරුණ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now