SKIP TO MAIN CONTENT

නාමල් ඇතුළු හයක් 16 තෙක් රිමාන්ඩ්.

Namal Rajapakshe remanded
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී පසුගිය ඔක්තෝබර් 6 වැනි දා විරෝධතාවක නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්  පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු  හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (10/10) රාත්‍රී නියෝග කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කළ සෙසු පස් දෙනාය.

පොලිසියේ දැනුම් දීම මත ඔවුන් සිය නීතිඥවරුන් සමඟ ඊයේ පස්වරුවේ හම්බන්තොට  පොලිසියට පැමි‍ණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රාත්‍රී 10ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කෙරුණි.

අධිකරණ නියෝග කඩ කිරීම, කලහ කාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම  සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගණසේකර මහතා පැවසීය.

මෙම විරෝධතාවයේදී  අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක් ඇතුළු තවත් 28 දෙනෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රියෙන් තංගල්ල බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now