SKIP TO MAIN CONTENT

නාමල් ඇතුළු 8 කට ඇප.

Politics of Sri Lanka
Source: Sunday Times

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

පසුගිය සතියේ හම්බන්තොටදී සිදු කළ උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකුට අද(16/10) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප දීමට නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළුව ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එක් අයකුට  ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප මත මුදා හැරිණි..

මේ අතර එම සිදුවීමට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වන ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 29දෙනකු ලබන 30වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now