SKIP TO MAIN CONTENT

ලංකාවෙන් පැන්න නාමල්ගේ ලේකම්වරිය අද අලුයම අත් අඩංගුවට.

Namal’s former Secretary Ornella arrested at BIA.
Source: Dinamina

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

අයථා ලෙස උපයා ‍ගත් රුපියල් මිලියන 30ක් ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනකුට එරෙහිව පවතින නඩුවේ, ශ්‍රී ලංකාවෙන් පළා ගොස් සිටි විත්තිකාරිය වන බටපොළ ආරච්චිගේ ඔනෙලා ඉරේෂා සිල්වා නමැත්තිය අද (10/10) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගැනිණි.

අදාළ විත්තිකාරියව නීතියේ රැහැනට හසු කරගැනීමට ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර තිබුණි.

අබුඩාබි සිට අද අලුයම 5.07 ට ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඇයව මුල්‍ය අපරාධ පරීක්ෂණ අංශයට බාරදී තිබේ.

විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති අදාළ නඩුවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුවන් තුන්දෙනකු නොමැතිව නඩුව විභාගයට ගැනීම සඳහා මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් තීන්දු කර තිබිණි.

රටෙන් පැනගොස් සිටි විත්තිකරුවන් වන නීතිඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔනෙල්ලා ඉරේෂා සිල්වා සහ සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම නොමැතිව නඩුව ඉදිරියට විභාගයට ගැනීමට නියම විය.

මෙහි අනෙක් විත්තිකරුවන් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ නිත්‍ය සේනානි සමරනායක යන අයයි.

මෙම නඩුව අද (10/10) කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතය.

Daily News හා Daily Mirror ඇසුරෙනි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now