ඔස්ට්‍රේලියාවේ පාසැල් දරුවන්ගේ සාක්ෂරතාවයේ වර්ධනයක් නොමැති බව නවතම NAPLAN ප්‍රතිපල පෙන්වා දෙයි (SBS සිංහල/වාර්තා)

නවතම ප්‍රතිපල වලට අනුව 7 සහ 9 ශ්‍රේණි වල ළමුන්ගේ ලිවීමේ හැකියාව 2011 වසරේ පටන් සැලකිය යුතු ලෙස පසු බසින බව ඔස්ට්‍රේලියානු අධ්‍යන පටිපාටි, ඇගයුම් සහ වාර්තා අධිකාරියේ ප්‍රධාන විධායක රොබට් රැන්ඩල් ප්‍රකාශ කරයි. 3, 5, 7 සහ 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සමස්ත ළමුන්ගේ භාෂාමය සහ ගණිතමය හැකියාවන්ගේ වර්ධනයක් 2015 වසරට සාපේක්ෂව මෙම වසරේ පෙන්නුම් නොකරන බවද ඔහු වැඩි දුරටත් පවසයි. මෙවැනි එක තැන රැඳෙන ප්‍රතිපලයක් ඔවුන් අපේක්ෂා නොකළ බවද ඔහු පවසා සිටියේය.

NAPLAN

Children sit in a classroom during a lesson at Stafford State School in Brisbane, Source: AAP

ඔස්ට්‍රේලියාවේ සමස්ත පාසැල් දරුවන්ගේ භාෂාමය සහ ගණිතමය හැකියාවන්ගේ වර්ධනයක් පෙන්නුම්  නොකරන බව නවතම භාෂා සහ ගණිතමය හැකියාවන් මනිනු ලබන ජාතික ඇගයුම් වැඩසටහන් විභාග ප්‍රතිපල වලින් පෙන්වන බව වාර්තා වේ.

භාෂා සහ ගණිතමය හැකියාවන් මනිනු ලබන ජාතික ඇගයුම් වැඩසටහන් විභාගය නොහොත් NAPLAN ඇගයුම් විභාගය වාර්ෂිකව පවත්වන පරීක්ෂණයක් වන අතර මේ සඳහා 3, 5, 7 සහ 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සියලුම ළමුන් සහභාගී විය යුතුය. මෙමගින් එම ළමුන්ගේ කියවීම, ලිවීම, ව්‍යාකරණ, ගණිතමය හැකියාව මනිනු ලබයි.

නවතම ප්‍රතිපල වලට අනුව 7 සහ 9 ශ්‍රේණි වල ළමුන්ගේ ලිවීමේ හැකියාව 2011 වසරේ පටන් සැලකිය යුතු ලෙස පසු බසින බව ඔස්ට්‍රේලියානු අධ්‍යන පටිපාටි, ඇගයුම් සහ වාර්තා අධිකාරියේ ප්‍රධාන විධායක රොබට් රැන්ඩල් ප්‍රකාශ කරයි.

3, 5, 7 සහ 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සමස්ත ළමුන්ගේ භාෂාමය සහ ගණිතමය හැකියාවන්ගේ වර්ධනයක්  2015 වසරට සාපේක්ෂව මෙම වසරේ පෙන්නුම් නොකරන බවද ඔහු වැඩි දුරටත් පවසයි. මෙවැනි එක තැන රැඳෙන ප්‍රතිපලයක් ඔවුන් අපේක්ෂා නොකළ බවද ඔහු පවසා සිටියේය.

භාෂාමය සහ ගණිතමය හැකියාව යනු ඉගෙනීම සඳහා අත්‍යාවශ්‍ය මූලිකම සාධක බවත් රටක වර්ධනය උදෙසා එම රටෙහි සිසුන්ගේ මෙම හැකියාවන් වසරින් වසර වර්ධනය විය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

NAPLAN පරීක්ෂණය 2008 වසරේ ආරම්භ වූ අතර පසු ගිය වසර වන තෙක් සැලකිය යුතු වර්ධනයක් එම ප්‍රතිපල වලින් පෙන්නුම් කළ බව වාර්තා වේ. ක්වීන්ස්ලන්තය සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්ත ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.

2008 වසරේ පටන් NAPLAN පරීක්ෂණයේ ප්‍රතිපල විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ළමුන්ගේ ලිවීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් දුර්වල වීගෙන එන බවය.

එක තැන රැඳෙන ප්‍රතිපල වලින් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවත් සමස්ත ඔස්ට්‍රේලියාවේම පාසැල්, පවුල්, සහ අධ්‍යාපන ප්‍රවීණයන්ගේ අවධානය මේ පිළිබඳ යොමු විය යුතු බවත් අධ්‍යාපන සහ පුහුණු පිළිබඳ අමාත්‍ය Simon Birmingham පවසා සිටියේය.

2013 වසරේ සිට මෙම වැඩසටහන් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපාදන ලබා දීම 23.7% කින් වැඩිව තිබෙන  අතර ඊට සමපාතව ළමුන්ගේ ලිවීමේ හැකියාව 0.2% කින් පහළ බැස තිබේ.

ඔස්ට්‍රේලියාව දක්ෂ සිසුන් සිටින පාසැල් සඳහා පමණ ඉක්මවා ආයෝජනය කරන අතර දුර්වල සිසුන් සිටිනා පාසැල් සඳහා අඩු ආයෝජනයක් සිදු කරන බවද හෙළිවී තිබේ. අදාළ පාසැල් ඔසවා තැබීම පමණක් මෙමගින් බොහෝවිට සිදුවන අතර ළමුන්ගේ හැකියාවන් හෝ රටෙහි වර්ධනය ඔසවා තැබීමක් සිදු නොවන බවද මින් පෙනී යන බව වාර්තා වේ.

තවත් සති කිහිපයකින් NAPLAN පරීක්ෂණය සඳහා සහභාගී වූ සියලු සිසුන් හට පුද්ගලික ලෙස ලකුණු වාර්තා ලැබීමට නියමිත අතර වඩා සවිස්තරාත්මක NAPLAN දත්ත මෙම වසර අගදී නිකුත් කෙරෙනු ඇත. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now