COVID-19 වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන්, "නාසයෙන් ලබා දෙන එන්නතක්" (SBS සිංහල/ වාර්තා)

COVID-19 වෛරසයට නාසයෙන් spray වශයෙන් ලබා දිය හැකි මෙම එන්නතෙහි මානව අත්හදා බැලීම් 2024 වසරේදී සිදු කරන බව පර්යේෂකයින් පවසයි. ඉන් අනතුරුව වසර කිහිපයක් ඇතුළතදී ඕස්ට්‍රේලියානුවන්ට මෙම එන්නත ලබාගැනීමට හැකියාව හිමිවේ.

A person receives a nasal spray COVID-19 vaccination.

A resident in Beijing receives a nasal spray COVID-19 vaccination in December 2022. Australian researchers have received a funding boost to develop a COVID-19 nasal spray vaccine in Australia. Source: Getty / China News Service

KEY POINTS
  • COVID-19 වෛරසයට ප්‍රතිකාර වශයෙන් නාසයෙන් ලබා දිය හැකි එන්නත් සම්බන්ධයෙන් වන පර්යේෂණ සඳහා අරමුදල් ලැබීම
  • ඩොලර් මිලියනයක අරමුදල් මගින් 2024 දී මානව අත්හදා බැලීම් සිදු කල හැකි එන්නතක් නිපදවීමට විද්‍යාඥයින්ට ඉඩ සැලසීම
  • COVID-19 වෛරසයට එරෙහිව ඵලදායී ලෙස නාසයෙන් ලබා දිය හැකි එන්නතක් සැකසීමේදී වන අභියෝග
COVID-19 වෛරස ආසාදනය වීම වැලැක්වීම සඳහා නාසයෙන් spray ආකාරයට ලබා දිය හැකි එන්නතාක් සංවර්ධනය කිරීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පියවර ගත් අතර ඒ සඳහා රජයේ අරමුදල් වෙන්කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Centenary Institute හි සහ University of Sydney හි පර්යේෂකයන්ට මේ අරමුදල් යටතේ ඩොලර් මිලියනයකට ආසන්න ප්‍රදානයක් හිමිව තිබේ.

මෙම පර්යේෂණ කණ්ඩායමට මහාචාර්ය Warwick Britton, ආචාර්ය Anneliese Ashhurst සහ මහාචාර්ය Richard Payne ඇතුළත් වේ.

COVID-19 වෛරසයට එරෙහිව මෙම නාසයෙන් ලබා දිය හැකි එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?

පුද්ගලයින්ට ශ්වසන අබාධ වලින් ආරක්ෂාව සැපයීම සඳහා නාසයෙන් spray ආකාරයට ලබා දිය හැකි එන්නතක් වර්ධනය කිරීම පර්යේෂකයන්ට නව අත්දැකීමක් වේ. මෙම එන්නත උණ සහ ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා වන ක්‍රමවේදය අනුව සැකසේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක මහාචාර්ය Warwick Britton සඳහන් කොට සිටින්නේ, මෙම කාර්යය COVID-19 එන්නත් සංවර්ධනයේ නව දිශාවක් නියෝජනය කරන බවයි.

Warwick Britton dressed in a blue suit and red tie.
Professor Warwick Britton said the funding boost will allow the team to work towards human trials of the COVID-19 nasal spray in Australia in 2024. Source: Supplied / Centenary Institute
එමෙන්ම මෙම එන්නත නිපදවීමේදී ආරක්ෂිතම සහ ඵලදායීම මාර්ග වශයෙන් සැලකෙන ක්‍රමවේද සඳහා පර්යේෂණ කණ්ඩායම අවධානය යොමු කොට තිබේ.

මේ අනුව එන්නත, ස්ථායී වියළි කුඩු ආකාරයක් සැකසීමට පර්යේෂකයින් බලාපොරොත්තු වන අතර සිඩ්නිහි ඖෂධ සැකසුම් සහ නිෂ්පාදන සමාගමක් වන R&D සමාගම ඔස්සේ එය වර්ධනය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

එමෙන්ම පර්යේෂණ රැසක ප්‍රතිඵල වලට අනුව මෙම එන්නත, Sinovac සහ Sinopharm වැනි එන්නත් වල මෙන් අක්‍රීය කොවිඩ් වෛරස භාවිතයට නොගෙන සැකසීමට තීරණය කල බවත් මහාචාර්ය Warwick Britton පවසයි.

Covid-19
Für den kommenden Winer wird eine weitere COVID-Welle erwartet. Experten gehen aber davon aus, dass sie nicht schlimmer ausfallen wird als die letzte. Source: Getty / Getty images

එමෙන්ම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කිරීම සඳහා නාසය තුල සම මතුපිට සිටින ප්‍රෝටීනයක් භාවිතා කිරීමට තීරණය කොට තිබේ.

මෙය ඇමරිකාවේ නිපදවන Novavax එන්නතෙහි භාවිතා කරන තාක්ෂණයට සමාන වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කොට සිටින්නේ, ගෝලීය වශයෙන්, මුඛයෙන් හෝ නාසයෙන් ලබාදිය හැකි ඖෂධ නිෂ්පාදන කාණ්ඩයේ එන්නත් 100 කට වඩා වැඩි සංක්‍යාවක් සංවර්ධනය වෙමින් පවතින බවයි.

මූලික පර්යේෂණ පෙන්නුම් කරන දේ

මහාචාර්ය Warwick Britton සහ ඔහුගේ සගයන්, නොවැම්බර් මාසයේදී Nature Communications හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක් ඔස්සේ, මීයන් යොදා ගනිමින් නාසයෙන් ලබාදෙන කොවිඩ් එන්නතෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ යාන්ත්‍රණය ගෙනහැර දක්වා තිබේ.

මේ හා සමාන පර්යේෂණයක් ferrets සතුන් යොදාගනිමින්ද සිදු කොට තිබේ.

කෙසේ නමුත් මෙම සොයාගැනීම් කෙලෙසින් මිනිසුන්ට බලපාන්නේ දැයි බැලීමට කටයුතු කිරීමට අවශ්‍ය වනු ඇතැයි ඔහු පැවසීය, නමුත් මෙතෙක් ලැබී ප්‍රතිඵල බලාපොරොත්තු සහගත බව පෙනී යයි.

මීයන් පිළිබඳ අධ්‍යයනයේ දී, පර්යේෂණ කණ්ඩායම මීයන් හය දෙනෙකුට නාසය හරහා spray ආකාරයෙන් COVID එන්නත ලබා දීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් සොයා බැලීම සිදු කොට තිබේ.


———————————————————————————


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese



SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala



SBS Radio App: App Store හෝ Google Play 


වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


———————————————————————————


සති දෙකක පරතරයකින් මාත්‍රා තුනක් ලබා දීම එම සතුන්ට සිදු කොට තිබේ. එන්නතෙහි Pam2Cys නම් ප්‍රෝටීන් ස්පයික් අඩංගු වූ අතර එය ප්‍රෝටීන ස්පයික්-විශේෂිත සඳහා ප්‍රතිදේහ නිපදවීමට නිර්මාණය කොට තිබේ.

මෙම පර්යේෂණ අතරතුර කොවිඩ් ආසාදනයට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාව, පෙනහළු ප්‍රතිශක්තිකරණය සහ විෂබීජහරණය කිරීම පිළිබඳව සැලකිය යුතු ප්‍රතිඵල ලැබී තිබේ.

මෙය COVID-19 සඳහා නාසයෙන් ලබාදෙන එන්නත් සංවර්ධනයේ දී බොහෝ සෙයින් අපේක්ෂා කරන ඉලක්කයක් වශයෙන් සැලකේ.

නාසයෙන් spray වශයෙන් ලබාදෙන මෙම කොවිඩ් එන්නත පුද්ගලයින්ට කෙතරම් ඵලදායී ද?

මේ වනතෙක් ලෝකයේ මහා පරිමාන වශයෙන් සිදු කල මානව අත්හදා බැලීම් සම්බන්ධයෙන් වාර්තා නොවේ.

මහාචාර්ය Warwick සඳහන් කොට සිටින්නේ මෙය අඩු පිරිවැයක් සහ වැඩි පහසුවක් ජනතාවට හිමි වන අතර එන්නත් සඳහා බියක් දක්වන ළමුන්ට මෙය ලබාදීමට හැකිවීම එක් ප්‍රතිලාභයක් වන බවයි.

This part requires a lot of focus
Source: Getty / Getty Images

එමෙන්ම නිසි ප්‍රතිශක්තිකරණ ආරක්ෂාවක් නොලැබෙන දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පිරිසටද මෙමගින් වාසි අත්වේ.

ඔස්ට්‍රේලියාව තුල මේ සම්බන්ධයෙන් වන මානව අත්හදා බැලීම්, 2024 දී සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, ඉන් අනතුරුව වසර දෙකකින් ඕස්ට්‍රේලියානුවන්ට එම එන්නත් ලබාගත හැකි බවත් ඔහු පැවසීය.

කෙසේ නමුත් මෙම කාලය රජයන් සහ ඖෂධ සමාගම්වල සහාය මත රඳා පවතී.

මෙමගින් සිදු කල හැකි බලපෑම

කොවිඩ් වෛරසය ප්‍රතිආසාදනය සහ long COVID ඇති පිරිසට එම රෝග පැතිරීමද මෙමගින් අඩු කරයි.

නමුත් මේ සම්බන්ධයෙන් Warwick Britton පෙන්වා දෙන්නේ මෙම මිනිස් අත්හදා බැලීම්වල ප්‍රතිඵල තීරණාත්මක වනු ඇති අතර කොවිඩ් එන්නත් Spray වශයෙන් නාසයෙන් ලබාදීමෙන් පමණක් වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකි බවයි.

ප්‍රජාව තුළ වෛරස් සම්ප්‍රේෂණ මට්ටම අඩු කිරීම තම කණ්ඩායමේ ඉලක්කය වන අතර එමෙන්ම මේ වනවිට හටගෙන ඇති කොවිඩ් විවිධ ප්‍රබේදවලට එරෙහිව එන්නතක් සෑදීමේ ක්‍රම පිළිබඳව ද කටයුතු කරමින් සිටින බවත් මහාචාර්ය Warwick Britton පවසයි.

Share

Published

By Biwa Kwan, Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID-19 වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන්, "නාසයෙන් ලබා දෙන එන්නතක්" (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala