මධ්‍යම පාර්ලිමේන්තුවේ ආසන දෙකක් නොදර්න් ටෙර්ටරියට ලබාදෙන පනත් කෙටුම්පතට දැඩි විරෝධයක් අපේක්ෂා කරන බව ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce පවසයි.
මීළඟ මැතිවරණයේදී , නොදර්න් ටෙර්ටරිය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සංක්‍යාව, දෙකේ සිට එක දක්වා අඩුවන බව ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ මෙම ක්‍රියාව මගින් තහවුරු වන අතර මීට විරුද්ධව ලිබරල් පක්ෂයේ, ග්‍රීන්ස් පක්ෂයේ සාමාජිකයන්ගේ සහ ජාතික මන්ත්‍රීවරුන්ගේ සහාය පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce සඳහන් කොට සිටී.
පාර්ලිමේන්තුව තුල ප්‍රාදේශීය සහ ස්වදේශීය මන්ත්‍රීවරුන් වැඩි සංක්‍යාවක් සිටිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce අවධාරණය කර සිටී.

