Highlights
- 2022 වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව වන්නේ 'Be Brave. Make Change' හෙවත් 'නිර්භීත වන්න. වෙනසක් කරන්න'යන්නයි.
- ඕස්ට්‍රේලියානු ජනවාර්ගික ප්‍රජා සභා සම්මේලනය (FECCA) සංක්‍රමණික ප්‍රජා මගින් ඉල්ලා සිටින්නේ ජාතික සංහිඳියා සතිය තුලදී සහ ඉන් ඔබ්බට මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙසයි.
- ඔබට රට පුරා මේ සම්බන්ධයෙන් වන විවිධ කටයුතු සොයා ගත හැකි අතර ජාතික සංහිඳියා සතියේ සිදුවීම් දින දර්ශනයේ ඔබේ කටයුතු ද ලැයිස්තුගත කළ හැක.
ජාතික සංහිඳියා සතිය සමරන්නේ ඇයි?
ජාතික සංහිඳියා සතිය 1967 වසරේ මැයි මස 27 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් ඡන්දය ලබා දුන් ජනමත විචාරණය සිහිපත් කිරීම සිදු කරයි. ඒ ඔස්සේ ඕස්ට්‍රේලියානු රජයට ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සඳහා නීති සම්පාදනය කිරීමටත් ඔවුන් සංගණනයට ඇතුළත් කිරීමටත් ඉඩ සැලසිණ.
එමෙන්ම මෙමගින් 1992 වසරේ ජූනි මස 3 වැනි දින ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, සම්ප්‍රදායික ඉඩම් හිමියන් ලෙස පිළිගනිමින් මහාධිකරණ "මාබෝ තීන්දුව" ද සිහිපත් කරයි.
මෙම දිනයන් සංහිඳියාව කරා යන මාවතේ වැදගත් ස්ථාන වශයෙන් සැලකේ.

මෙම වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව
2022 වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව වන්නේ 'Be Brave. Make Change' හෙවත් නිර්භීත වන්න, වෙනසක් කරන්න යන්නයි.
'නිර්භීත වන්න, වෙනසක් කරන්න’ යනු මෙම සංහිඳියාව සම්බන්ධයෙන් වන කටයුත්තේ නිම නොකළ කටයුතු ආමන්ත්‍රණය කිරීමට මෙන්ම ජාතියක් වශයෙන් අප සැමට ප්‍රතිලාභ ගෙන දෙන වෙනස්කම් කිරීමට, සියලුම ඕස්ට්‍රේලියානුවන්ට සිදු කරන අභියෝගයකි.
Reconciliation Australia හි ප්‍රධාන විධායක නිලධාරී Karen Mundine, Northern NSW හි Bundjalung ප්‍රදේශයේ කාන්තාවක් වේ. ඇය පවසන්නේ සංහිඳියාව සෑම ඕස්ට්‍රේලියානුවෙකුගේම වගකීමක් වන අතර එය ක්‍රියාකාරී අත්දැකීමක් වන බවයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ජාතික සංහිඳියා සතිය සම්බන්ධයෙන් ගත් කල, එය අප සැමට සබඳතා ගැන සිතීමට, ඔවුන් කෙරෙහි අවධානය යොමු කිරීමට මෙන්ම, නව සංවාද විවෘත කිරීමට සහ අපගේ සියලුම ප්‍රජා සිදුවීම්වලට සම්බන්ධ වීමට දිරිගැන්වීමට අවස්ථාවක් වන බවත් ඇය SBS සේවයට පැවසුවාය.
ජාතික සංහිඳියා සතිය සඳහා සංක්‍රමණිකන්ගේ සම්බන්ධතාවය
ඕස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji, ජාතික සංහිඳියා ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙස ඕස්ට්‍රේලියාවේ සියලුම සංක්‍රමණිකයන්ගෙන් ඉල්ලා සිටී.
මෙය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත ප්‍රජා සහ ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන් සිය ධනාත්මක සහ සෘණාත්මක අත්දැකීම් බෙදා ගන්නා හොඳ ස්ථානයක් වන බවත් මෙය යහපත් ආරම්භයක් වන බවත් Mohammad පවසයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ඉතිහාසය දැන ගැනීම, එම ප්‍රජා පසුකර ඇත්තේ කුමක්දැයි දැන ගැනීම අපගේ යුතුකම වන අතර අපේ වගකීමද වන බවයි.
ජාතික සංහිඳියා සතියේ වැදගත්කම බොහෝ සංක්‍රමණිකයන්ට නොවැටහෙන අතර බොහෝ පිරිසකට ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතීන් සහ ඉතිහාස ගැන සංවාද කිරීම සම්බන්ධයෙන් දැනුමක් නොපවතී.

සංහිඳියා ක්‍රියාවලියට සම්බන්ධ වීමට දිරිගැන්වීමේ මාර්ගෝපදේශ
2020 වසරේදී, ඕස්ට්‍රේලියානු ජනවාර්ගික ප්‍රජා සභා සම්මේලනය (FECCA) මගින් බහු සංස්කෘතික සංවිධාන සංහිඳියාවේ නියැලීම දිරිගැන්වීමේ අරමුණින් මාර්ගෝපදේශ හඳුන්වා දීම සිදු කොට තිබේ.
ඕස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad පෙන්වා දෙන්නේ, මෙම මාර්ගෝපදේශ ජාතික සංහිඳියා සතිය තුළ මෙන්ම ඉන් ඔබ්බටත් සංවාද සඳහා මුලික ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
එකිනෙකාගේ සංස්කෘතීන් සහ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගැනීම සහ පළමු ජාතීන්ගේ හඬ නඟා සිටුවීමට සංක්‍රමණිකයන් ලෙස අප කළ යුතු දේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙහි අරමුණයි.
මෙම මාර්ගෝපදේශ ඔස්සේ පහත පරිදි අර්ථවත් ක්‍රියාකාරකම් කිහිපයක් යෝජනා කරයි:
- සංහිඳියා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම
- ජාතික සංහිඳියා සතිය සමඟ සම්බන්ධ වීම
- NAIDOC සතිය සැමරීම සැමරීම
- රට පිළිගැනීමේ උත්සවයක් හෝ Smoking Ceremony හෙවත් "දුම් උත්සවයක්" සිදු කිරීමට දේශීය ආදිවාසී වැඩිහිටියන්ට ආරාධනා කිරීම
- සංස්කෘතිකමය වශයෙන් දක්ෂ සේවා ස්ථානයක් සඳහා උත්සාහ කිරීම
ඕස්ට්‍රේලියානු ජනවාර්ගික ප්‍රජා සභා සම්මේලනයෙහි මාර්ගෝපදේශ සඳහා පිවිසෙන්න

සෑම දිනකම නිර්භීතකම යනු
මෙම වසරේ තේමාව වන නිර්භීත වන්න. වෙනසක් කරන්න යන තේමාව හරහා ඕස්ට්‍රේලියාව සෑම අයකුගෙන්ම ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ දෛනික ජීවිතයේ සෑම අංශයකම නිර්භීත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
Karen Mundine පවසන්නේ ඇතැම් විට මෙම ගැටළු පිළිබඳව ඔබේ අදහස් බෙදා නොගන්නා මිතුරන් සහ පවුලේ අය සමඟ දැඩි සංවාදයක් පැවැත්වීමට දැන් කාලය පැමිණ ඇති බවයි.
ඔබේ සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපැල් යාවත්කාලීන කිරීම වැනි ඉතා පහසු ක්‍රියාවක් ඔස්සේ ඔබට ජාතික සංහිඳියා සතිය සමඟ සම්බන්ධ වීමට හැකියාව පවතී.
එමෙන්ම තම ප්‍රදේශයේ සිදු වන කටයුතු පිළිබඳව Reconciliation Australia වෙබ් අඩවියට පිවිසීම මගින් දැනගත හැකි අතර SBS මගින් ලබාදෙන චිත්‍රපට හෝ පොඩ්කාස්ට් වැනි සම්පත් වෙත ප්‍රවේශ වීමද ඔබට හැකියාව පවතී.
මෙම වසරේ ජාතික සංහිඳියා සතියේ සිදුවීම් දින දර්ශනය සඳහා පිවිසෙන්න.
NRW 2022 ඩිජිටල් සම්පත් ලබාගැනීමට පිවිසෙන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න

