SKIP TO MAIN CONTENT

උතුරේ සිද්ධීන් සුළු සිද්ධීන් පමණයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ. - මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා.

National Security has not been breached
Source: realsrilankanman.blogspot.com.au

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

උතුරේ සුළු සිදුවීම් කිහිපයක් ඇති වුව ද ඒවා ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයකින් බල නොපාන බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පවසයි.

වන්නි ආරක්ෂක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා මේ බව පැවසීය.

යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක “ආවා“ මැර කල්ලිය යනු කොල්ල කණ්ඩායමක් වන අතර ඒ තුළින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ද එහිදී  වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

උතුරට පැමිණීමට කිසිදු පුද්ගලයෙකු කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බව ද වන්නි කලාපයේ සියලු ජාතීන් එකිනෙකා අතර සහෝදරත්වයෙන් කටයුතු කරමින් සිටින බව ද මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා එහිදී  සඳහන් කර ඇත.

උතුරු ප්‍රදේශය තුළ ඕනෑම පුද්ගලයෙකුට පූර්ණ ආරක්ෂාව පවතින බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now