SKIP TO MAIN CONTENT

ආසියා - පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති මාරු කරපු නව කැබිනට් සංශෝධනය මෙන්න.

Sri Lanka Politics
Source: Daily Mirror

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තීරණය කරමින් සිදු කළ නව කැබිනට් සංශෝධනයට අනුව නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ඊයේ (22/05) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව පසුගිය වසරේ ආසියා - පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස සම්මානයට පාත්‍රවූ රවී කරුණානායක මහතාගේ මුදල් අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතා හටද ඔහුගේ විදේශ අමාත්‍යධුරය රවී කරුණානායක මහතාටද ලබා දී ඇත.

ඊයේ දිනයේදී දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනා සහ රාජ්‍ය අමාත්‍යවරයා පහත පරිදි වෙති.

  • තිලක් මාරපන මහතා - ව්‍යාපෘති සංවර්ධන
  • ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන.
  • එස්.බී.දිසානායක මහතා - සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් චන්දිම වීරක්කොඩි මහතා - කුසලතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
  • අර්ජුන රණතුංග මහතා - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
  • මහින්ද සමරසිංහ මහතා - වරාය සහ නාවික කටයුතු
  • ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
  • මංගල සමරවීර මහතා - මුදල් සහ ජනමාධ්‍ය
  • රවී කරුණානායක මහතා - විදේශ කටයුතු
  • මහින්ද අමරවීර මහතා - ධීවර සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති 

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now