SKIP TO MAIN CONTENT

Trans-Tasman bubble සංකල්පය යටතේ සිඩ්නි නුවරට පැමිණෙන ගුවන් මගීන් පරීක්ෂා කිරීමට නව ක්‍රමයක්

Trans-Tasman travel bubble
Flights from Sydney to New Zealand are banned for 48 hours. Source: AAP Image/AP Photo/Mark Baker

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Trans-Tasman bubble සංකල්පය යටතේ සිඩ්නි නුවරට පැමිණෙන පිරිස් පරීක්ෂා කිරීමට නව ක්‍රමයක් සිඩ්නි ගුවන් තොටුපොළ වෙත හඳුන්වා දී තිබේ.

Trans-Tasman bubble සංකල්පය යටතේ නිරෝධායනය වීමක් නොමැතිව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට, Australian Capital Territory වෙත සහ Northern Territory යට නවසීලන්තයේ සිට මගීන්ට දැන් පැමිණිය හැකිය.

පසුගිය සිකුරාදා (16/10) එලෙස පැමිණි ප්‍රථම ගුවන් යානය නවසීලන්තයේ සිට සිඩ්නි ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මේ අතර සිඩ්නි ගුවන් තොටුපොළ වෙත එසේ පැමිණි මගීන් 55 දෙනෙකු වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර නොමැති බව පවසා තිබියදීත් මෙල්බර්න් වෙත ගුවන් යානයකින් පැමිණ ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

නමුත් නවසීලන්තයේ සිට ගුවන් මගීන් පැමිණෙන බවට වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ නියෝජිතයින් දැනුවත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය Alan Tudge පැවසීය.

මේ අතර පසුගිය සිකුරාදා නවසීලන්තයේ සිට සිඩ්නි නුවරට පැමිණි පුද්ගලයින් 25 දෙනෙකු පර්ත් දක්වා පැමිණි බවත් ඔවුන් දැන් හෝටල් වල නිරෝධායනය වන බවත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.

නවසීලන්තයෙන් මගීන් පැමිණීම තමන් අපේක්ෂා නොකළ බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now