SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සයිබර් අවදානම පිළිබඳ නව සයිබර් ආරක්ෂණ කටයුතු අමාත්‍යවරයා ගේ මංගල කතාව. (SBS සිංහල/වාර්තා)

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම්, බලශක්ති අර්බුද, මාර්ග අනතුරු සහ ආර්ථික කඩා කප්පල් ක්‍රියා වැනි දේවල් මෙම සයිබර් ප්‍රහාර හේතුවෙන් සිදු විය හැකි බවත් එවැනි තත්ත්වයකදී රජයක් වශයෙන් ජනතාව ඉන් මුදවාගන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව නගන ප්‍රශ්නයට රජය මුහුණ දිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

New cyber security minister speaks about Australia's 'vulnerabilities'
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

හැකර්වරුන් සහ සයිබර් ත්‍රස්තවාදය නිසා ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට ඇති අවදානම් තත්ත්වය පිළිබඳ අද (23/11) සයිබර් ආරක්ෂාව සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම  අමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී මංගල කතාව පවත්වන ලදී.

පසුගිය කාලයේ දිගින් දිගටම ඔස්ට්‍රේලියාවට එල්ල වූ සයිබර් ප්‍රහාර හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඉන් මුදවා ගන්නට අග්‍රාමාත්‍යවරයා හට සහය දීම පිණිස මෙම නව තනතුර පත් කරගත් අතර ආරක්ෂක අමාත්‍ය Dan Tehan ඒ සඳහා පත් කර තිබේ. රජයේ ඩිජිටල් ආරක්ෂාව වැඩි දියුණු කිරීම පිළිබඳව ඔහු අද දිනයේදී කරුණු දැක්වූයේය.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම්, බලශක්ති අර්බුද, මාර්ග අනතුරු සහ ආර්ථික කඩා කප්පල් ක්‍රියා වැනි දේවල් මෙම සයිබර් ප්‍රහාර හේතුවෙන් සිදු විය හැකි බවත් එවැනි තත්ත්වයකදී රජයක් වශයෙන් ජනතාව ඉන් මුදවාගන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව නගන ප්‍රශ්නයට රජය මුහුණ දිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවට සෑම තර්ජනයකටම මුහුණ දිය හැකි ශක්තියක් පවතිනවා කියා අප සිතුවොත් ඒ සම්බන්ධව අප දුර්වල විය හැකි බවද අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය අප්‍රේල් මාසයේ එළි දැක්වූ නව ජාතික සයිබර් ආරක්ෂණ ක්‍රමෝපාය යටතේ මෙම නව පත්වීම සිදු කර ඇති අතර එම වැඩපිළිවෙල සඳහා ඩොලර් මිලියන 230 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

සයිබර් ආරක්ෂණ ක්‍රමෝපායන් ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපනය කිරීම වේගවත් කිරීමට අමාත්‍යවරයාට අවශ්‍යව ඇති අතර අවධානය යොමු විය යුතු තවත් අවදානම් පැතිකඩයන් මොනවාද යන්න පිළිබඳ කරුණු දැනගැනීම ටද ඔහු අපේක්ෂා කරයි.

පාරිභෝගික තොරතුරු අපරික්ෂාකාරී ලෙස නිදහස් කිරීම සහ සොරකම් කිරීම සම්බන්ධව සමාගම් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සම්බන්ධ පනත් කෙටුම් පතේ ඇති වැදගත්කම පිළිබඳවද ඔහු එහිදී අවධාරණය කළේය.

මෙම ක්‍රියා කාරකම් හේතුවෙන් පාරිභෝගිකයන් හට ඔවුන්ගේ රහස්‍ය අංක වෙනස් කිරීමට, ගිණුම් වසා දැමීමට හෝ ඇතිවන්නට යන අවදානම් තත්වයේ තරම අවබෝධ කරගෙන තීරණ ගැනීමට අවස්ථාව උදා වනු ඇති බව ද අමාත්‍ය Dan Tehan පැවසුවේය.

පසුගිය සමයේදී Yahoo, Ebay සහ LinkedIn යන බහු ජාතික සමාගම් වලින් දැවැන්ත ලෙස දත්ත සොරකම් කිරීම් සිදු වූ බව වාර්තා විය.

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර වලින් 6%ක් පමණක් මෙම පනත මගින් ආවරණය වන අතර කුඩා පරිමාණ ව්‍යාපාර හේතුවෙන්  සෙසු ඒවා නිදහස් වන බවද සඳහන්. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now