ඔස්ට්‍රේලියාවේ අඩු වැටුප් සහිත රැකියාවන් තුළ සංක්‍රමණිකයන් වැඩිපුර නියෝජනය වන බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Australian Capital Territory හි ජීවත් වන සංක්‍රමණිකයන්ට ඉහළම වාර්ෂික මධ්‍ය ආදායමක් ($52,439) හිමි විය. මේ අතර ටස්මේනියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් අඩුම ($31,093) වාර්ෂික මධ්‍ය ආදායමක් ලබා ඇති බව සඳහන්.

migrants

Source: AAP

සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොලේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද ඔවුන් අඩු වැටුප් සහිත රැකියාවන් තුළ වැඩිපුර නියෝජනය වන බව හෙළිවෙයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත මේ බව අනාවරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සියලුම රැකියාවලින් 26.3% ක් සංක්‍රමණිකයන් සතුයි

2019 - 20 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ සියලුම රැකියාවලින් 26.3% ක් සංක්‍රමණිකයන් සතු වී ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ඒ අනුව එම කාලයේදී ඔස්ට්‍රේලියාවේ රැකියා මිලියන 5.3ක සංක්‍රමණිකයන් මිලියන 3.6ක් රැකියා කර තිබේ.

මෙය ඔස්ට්‍රේලියාවේ ජනගහනය හා සසඳන කල 29.8% කට මදක් අඩු විය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සංක්‍රමණිකයන් විසින් දරන මුළු රැකියා සංඛ්‍යාව පහත පරිදි බෙදී ගොස් ඇති බවද අනාවරණය විය:

  • ස්ථිර සංක්‍රමණිකයින් විසින් 56.6% ක්
  • තාවකාලික සංක්‍රමණිකයින් විසින් 29.5% ක්
  • නවසීලන්ත පුරවැසියන් විසින් 12.9% ක්

සංක්‍රමණිකයින්ගේ පුද්ගලික ආදායම

ඔස්ට්‍රේලියාවේ ආදායම් බදු ගෙවන සංක්‍රමණිකයින් මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් 2019-20 දී මුළු පුද්ගලික ආදායමෙන් ඩොලර් බිලියන 230 කට වඩා උපයා ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ශ්‍රම සංඛ්‍යාලේඛන ප්‍රධානී Bjorn Jarvis පැවසීය.

සංක්‍රමණිකයන් සඳහා වන මධ්‍ය වාර්ෂික පුද්ගලික ආදායම 2019-20 දී ඩොලර් 45,351 ක් වූ අතර, සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියානු ජනගහනය සඳහා එය ඩොලර් 52,338 ක් විය.

Australian Capital Territory හි ජීවත් වන සංක්‍රමණිකයන්ට ඉහළම වාර්ෂික මධ්‍ය ආදායමක් ($52,439) හිමි විය.

මේ අතර ටස්මේනියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් අඩුම ($31,093) වාර්ෂික මධ්‍ය ආදායමක් ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන සංක්‍රමණිකයන්ට දෙවන ඉහළම වාර්ෂික මධ්‍ය ආදායමක් ($51,501) හිමි වූ අතර බටහිර ඔස්ට්‍රේලියාව සියලුම ඔස්ට්‍රේලියානු ආදායම් උපයන්නන් අතර තුන්වන ස්ථානයේ සිටී.

සංක්‍රමණිකයින් වැඩිපුර රැකියා කරන ක්ෂේත්‍ර

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් වැඩිපුර රැකියා කරන ක්ෂේත්‍ර පිළිබඳවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත මගින් හෙළිකර තිබේ.

ඒවා පහත පරිදි පෙළගැස්විය හැකිය.

  • පරිපාලන සහ උපකාරක සේවා
  • සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා
  • නවාතැන් පහසුකම් සහ ආහාර සේවා

සංක්‍රමණිකයන් විසින් දරන රැකියාවලින් 14.1% ක් පරිපාලන සහ උපකාරක සේවා ක්ෂේත්‍රයේ රැකියා වන අතර 12.1% ක් සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍රයේ වේ.

නවාතැන් පහසුකම් සහ ආහාර සේවා ක්ෂේත්‍රයේ සංක්‍රමණිකයන් විසින් දරන රැකියාවලින් 11.3% ක් පිරී පවතී.

සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොලේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද, ඔවුන් අඩු වැටුප් සහිත රැකියාවන් තුළ වැඩිපුර නියෝජනය වන බව මෙම නවතම දත්ත යෝජනා කරයි.

ඔස්ට්‍රේලියාවේ සෙසු රැකියා කරන ජනතාවට සාපේක්ෂව සංක්‍රමණිකයින් වැටුප් වර්ධන නොලබන බව මෙම අඩු වැටුප් යන්නෙන් අදහස් කෙරෙන බව Moody's Analytics ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Katrina El, SBS වෙත පැවසුවාය.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

ඔස්ට්‍රේලියාවේ අඩු වැටුප් සහිත රැකියාවන් තුළ සංක්‍රමණිකයන් වැඩිපුර නියෝජනය වන බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala