ඔස්ට්‍රේලියානුවන් සුබ සාධනය මත යැපීම වළක්වන්න සුබ සාධන කප්පාදුවක්. (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සුබ සාධනය මත පමණක් යැපීමට පුරුදුව සිටීම පිළිබඳ අමාත්‍ය Christian Porter කණගාටුව පළ කර තිබේ. සුබ සාධනය මගින් බොහෝ මිනිසුන්ට මුදල් ගලන නමුත් ජීවිතවල කිසිඳු සංවර්ධනයක් නොමැත. වර්තමානයේ පවතින සුබ සාධන ක්‍රියාවලිය නිසා මිනිසුන් හට අවස්ථා රාශියක් අහිමිව යන බව අමාත්‍ය Porter පැවසීය.

Centrelink office in Brisbane

Centrelink office in Brisbane Source: AAP

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර තව දුරටත් සුබ සාධනය මත යැපීම වැළැක්වීම සඳහා ලබන වසරේ සිට නව අරමුදලක් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ.

මෙම නව වැඩසටහන සඳහා රජය ඩොලර් මිලියන 96ක් ආයෝජනය කිරීමට සූදානම් වන අතර තම ජීවිතයේ සෙසු කාලය සුබ සාධනය මත ගෙවීම නතර කිරීමට එමගින් තරුණ රැකවලුන්ට, ශිෂ්‍යන්ට සහ දෙමාපියන්ට අවස්ථාව සැලසෙනු ඇත.

නව වාර්තාව සහ දත්ත සමග සමාජ සේවා අමාත්‍ය Christian Porter මෙම නව වැඩසටහන පිළිබඳ කරුණු අනාවරණය කළේය.

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සුබ සාධනය මත පමණක් යැපීමට පුරුදුව සිටීම පිළිබඳ අමාත්‍ය Christian Porter කණගාටුව පළ කර තිබේ.

සුබ සාධනය මගින් බොහෝ මිනිසුන්ට මුදල් ගලන නමුත් ජීවිතවල කිසිඳු සංවර්ධනයක් නොමැත. වර්තමානයේ පවතින සුබ සාධන ක්‍රියාවලිය නිසා මිනිසුන් හට අවස්ථා රාශියක් අහිමිව යන බව අමාත්‍ය Porter පැවසීය.

නව ක්‍රමවේදය හරහා ප්‍රජා කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා මෙම ප්‍රතිපාදන ලබාදෙන අතර එම පාර්ශවයන් ස්වකීය අදහස් රැගෙන ආ යුතු වේ.

අරමුදලට අමතරව ඉලක්ක තරුණ පරපුර අන්‍යෝන්‍යය තද බැඳීම් යටතේ වැටුප් සඳහා රැකියා කළ යුතු යැයි නව නීති බලාත්මක කිරීමටද සැරසේ.

රජයේ උපකාර නැතිව ගිය කල මිනිසුන් පුණ්‍යාධාර වෙත නැඹුරු වේදෝ යැයි සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු කවුන්සිලය කණගාටු වේ. මෙම නව ක්‍රමවේදය මගින් ස්වයං බැඳීමකට වෙනස් වීමකට මිනිසුන් හට සිදුවීම ඊට හේතුවයි.

නවසීලන්තයේ අත්දැකීම් මත ආකෘතිය සැකසුණු මෙම වාර්තාව පිළිබඳ අදහස් දැක්වූ ප්‍රධාන විධායක Cassandra Goldie පෙන්වා දුන්නේ ඔවුන්ගේ ක්‍රමවේදයේ ඇතැම් සිදුරු වලින් නවසීලන්ත වැසියන් පැනයන බවයි.

“අවසාන ප්‍රතිපලය වන්නේ මිනිසුන් මෙයට අනුගත නොවී පැන යාමයි” ඇය කැන්බරා නුවර මාධ්‍ය වෙත පැවසීය.

ඉදිරි සුබ සාධන කප්පාදුවට යොදා ගන්නා දත්ත පිළිබඳ කම්කරු පක්ෂය සැක පහළ කරන අතර රජය මේ පිළිබඳ දැන් කතා කළ නමුදු ඔවුන්ගේ ක්‍රියා කෙටි කාලීන බව සමාජ සේවා පිළිබඳ විපක්ෂයේ නියෝජිත Jenny Macklin පැවසීය.  

ඔස්ට්‍රේලියාවේ සේවා නියුක්තියේ යම් යම් බාධා ඇති බවත් ඒවා සකස් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බවත් ග්‍රීන්ස් පක්ෂය පැවසීය. 


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now