ඔබත් ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියෙක්ද? එසේනම්, නවතම දත්ත හෙළිකළ මේ තොරතුරුත් දැනගන්න (SBS සිංහල/ වාර්තා)

2021 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල හා ටෙරටරිවල මධ්‍යන නිවාස කුලීය වැඩි වීමට පටන් ගත් අතර පසුගිය වසර පුරා එය අඛණ්ඩව වැඩි විය.

New insights into the Australian rental market

New insights into the Australian rental market Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී උද්ධමනය මෑතකදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

2021 වසරේ සිට, ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල අභ්‍යන්තර නගර සහ ප්‍රාදේශීය කලාපවල නිවාස කුලිය වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ඒ අනුව නිවාස කුලිය වැඩිවීම් සාමාන්‍යයෙන් වඩාත් සුලභ හා විශාල වී ඇති අතර විශේෂයෙන් සෑම මසකම කුලී නිවෙස්වලින් සියයට 2-3 ක් අතර කුලී නිවැසියන් පිරිසක් නිවාස කුලිය වැඩිවීම නිසා තම කුලී නිවාසය මාරු කරන බව නවතම දත්ත අනාවරණය කරයි.

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළෙඳ පොළේ තත්ත්වය

2021 ඔස්ට්‍රේලියානු සංගණනයට අනුව, ඔස්ට්‍රේලියාවේ පවුල්වලින් 30% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික කුලී නිවාස වෙළෙඳ පොළෙන් තම නිවස කුලියට ගනී, එය පසුගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් ඇති කොටසක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

සාමාන්‍යයෙන් කුලී නිවැසියන් ඔවුන්ගේ සතිපතා ආදායමෙන් 26% ක් පමණ නිවාස කුලියට වියදම් කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

කුලී වෙළෙඳ පොළේ තිබෙන හිස්වූ කුලී නිවාස සංඛ්‍යාව පහත වැටීමත් සමග 2021 වසරේ අග සිට කුලී වෙළඳපොළ දැඩි වී ඇත.

COVID-19 වසංගතය අතරතුර බලාත්මක කළ lockdown කිරීම් සහ ඇති කරන ලද සෞඛ්‍ය ගැටළු බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් වැඩි ඉඩක් සහිත නිවසක අඩු පුද්ගලයින් සංඛ්‍යාවක් සමග ජීවත් වීමට පොළඹවා ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල කුලී නිවාස සඳහා ඉල්ලුම වැඩි වීමට එය ප්‍රධාන හේතුවක් විය.

දැන්වීම් මගින් ප්‍රචාරණය කරන ලද කුලී නිවාස ප්‍රබල ලෙස වර්ධනය වී ඇති අතර පුරප්පාඩු අනුපාත පහත වැටී ඇති බැවින් සුදුසු කුලී නිවෙසක් සොයා ගැනීම වඩාත් දුෂ්කර වී ඇත.

ප්‍රාන්ත හා ටෙරටරි මට්ටමින් නිවාස කුලිය

2021 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල හා ටෙරටරිවල මධ්‍යන නිවාස කුලීය වැඩි වීමට පටන් ගත් අතර පසුගිය වසර පුරා එය අඛණ්ඩව වැඩි විය.

2023 පෙබරවාරි මාසයේදී, මධ්‍යන සතිපතා නිවාස කුලීය වැඩිම අගයක් ගත්තේ ACT හි වන අතර එය සතියකට ඩොලර් 560 ක් ලෙස සටහන් විය.

මධ්‍යන සතිපතා නිවාස කුලීයේ අඩුම අගය වාර්තා වූයේ දකුණු ඔස්ට්‍රේලියාවෙන් වන අතර එය සතියකට ඩොලර් 380කි.

ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තයේ හා ටෙරිටරියේ මධ්‍යන සතිපතා නිවාස කුලීය පසුගිය පෙබරවාරි මාසය වන විට වාර්තා වුයේ sපහත අයුරිනි.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - $530
  • වික්ටෝරියා ප්‍රාන්තය - $420
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - $450
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - $380
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - $450
  • ටස්මේනියා ප්‍රාන්තය - $390
  • Northern Territory - $500
  • Australian Capital Territory - $560

ප්‍රාදේශීය කලාපවල නිවාස කුලිය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල පිහිටි කුලී නිවාස සියලුම කුලී නිවාසවලින් හතරෙන් එකකට වඩා වැඩිය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ගෙන් 10% ක් ප්‍රාදේශීය කලාපවල පිහිටි කුලී නිවාස කුලියට ගෙන තිබේ.

COVID-19 වසංගතයේ මුල් අවධියේදී, ජාත්‍යන්තර සිසුන් ආපසු තම රටවලට යාමත්, ජාත්‍යන්තර සංක්‍රමණය මන්දගාමී වීමත්, ඇතැම් තරුණ වැඩිහිටියන් ඔවුන්ගේ දෙමාපියන් වෙත ආපසු යාමත් සමඟ ඇතුල් නගරවල පිහිටි කුලී නිවාස සඳහා ඇති ඉල්ලුම අඩු විය.

මේ අතර විදස් සංක්‍රමණය ඵලදායී ලෙස නතර වීම මෙන්ම, ප්‍රාදේශීය කලාප සහ කුඩා නගර ඇතුළුව එකල lockdown නොකළ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව lockdown කළ නගර වෙත නොයාමට නැඹුරු විය.

ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය කලාප හා සසඳන විට ප්‍රධාන නගර හරහා වසංගතය තුළ නිවාස කුලී උද්ධමනය වෙනස් විය.

සාමාන්‍යයෙන්, ශුද්ධ ජනගහන ගලා ඒම සහ කුලී නිවාසවල අඩු පුරප්පාඩු අනුපාත මගින් අගනගරයකට වඩා දුරින් පිහිටි ප්‍රාදේශීය ප්‍රදේශවල කුලී නිවාස වැඩිපුරම වැඩි වී ඇති බව අනාවරණය වී ඇත.


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now