SKIP TO MAIN CONTENT

ත්‍රස්තවාදීන් සිරකරුවන් පහසුවෙන් නිදහස් වීම වැලක්වීමට ඕස්ට්‍රේලියානු රජයෙන් නව නීති (SBS සිංහල / වාර්තා )

Parliament House Canberra
Terror incidents in Melbourne and overseas prompts a change to laws in Victoria and South Australia. Source: AAP

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

ත්‍රස්තවාදී ක්‍රියා පිළිබද චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් කිසිදු තහංචියකින් තොරව සමාජයට මුදාහැරීම වලක්වාලීම සදහා නව නීති හදුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කරයි.

විවිධ චෝදනා යටතේ සිරගතව සිටින ත්‍රස්තවාදීන් 20 කට අධික පිරිසක් ඔවුන්ගේ සිර දඩුවම් කාලය නිමාවට පත්වීමෙන් පසුව කිසිදු තහංචියකින් තොරව නිදහස් වීම වැලක්වීමට මෙම නීති දැඩි කිරීමට රජය සුදානම් වන බව සදහන්.

දැනට පවතින නීති වලට අනුව ත්‍රස්තවාදී ක්‍රියා සදහා චෝදනා ලැබුවෙකු දින නියමයක් නොමැතිව සිරගත කල හැක්කේ අදාල පුද්ගලයා ඉතා දරුණු ගණයේ අපරාධයක් සිදු කිරීමේ අවධානමක් ඇති බව අධිකරණය මගින් ඔප්පු කළහොත් පමණි. එසේ නැත්නම් අදාල සිරකරු කිසිදු තහංචියකින් තොරව, අදාල සිර දඩුවම නිම වීමෙන් පසුව නිදහස් කල යුතු බව සදහන්.

ඒ අනුව ඉතා දරුණු ගණයේ ත්‍රස්තවාදී සිරකරුවෙකු 2019 වසරේදී නිදහස් වීමට නියමිත අතර, ඊට පෙර මෙම නව නීති හදුන්වාදීමට ටර්න්බුල් රජය කටයුතු කරමින් සිටින බව සදහන්. Daily Telegraph  පුවත්පත පසුගියදා මේ පිලිබදව තොරතුරු අනාවරණය කර තිබිණි.

අදාල සිරකරුවන්ගේ සිර දඩුවම් කාලය නිමවීමෙන් පසුවද ඔවුන් නිරීක්ෂණය කල හැකි Extended Supervision Order නම් නව නීති මාලාවක් සදහා යෝජනා මේ වසර අගදී ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now