ඔස්ට්‍රේලියාව තුළ රැකියාවක නියුතු ඔබට දැන් ඔබගේ වාර්ෂික නිවාඩු (Annual Leave) සඳහා මුදල් ලබාගැනීමට හැකියාව සැලසී තිබේ. ඒ අනුව සේව්‍ය පාර්ශවයෙන් සේවක පාර්ශවය වෙත වාර්ෂික නිවාඩු ගැනීමට බල කිරීම සහ වාර්ෂික නිවාඩු එක පිට එක එකතුවීම මෙමගින් අවසන් වනු ඇත.
Fair Work කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් මේ පිලිබඳ කරුණු සොයා බැලුණු අතර වසර දෙකකට පසුව සේවක පක්ෂයට යහපතක් වන අයුරින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව මෙම ප්‍රතිපත්තිය ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක සියලුම රැකියා වර්ග සඳහා බල පවත්වන්නට කටයුතු යොදා ඇති නමුත් මේ සඳහා සේව්‍ය සහ සේවක පාර්ශව අතර ලිඛිත ගිවිසුමක් අත්සන් තැබිය යුතු වෙයි. මෙම ගිවිසුමේදී ප්‍රධාන වශයෙන් සැලකිලීමත් විය යුතු කරුණු කිහිපයක්ද අවධාරණය කර තිබේ.
- වාර්ෂික නිවාඩු සඳහා මුදල් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම වෙන වෙනම ලිඛිත ගිවිසුම් සැකසිය යුතුය.
- මාස 12ක් ඇතුලත එක් සේවකයකු හට තම වාර්ෂික නිවාඩු සඳහා මුදල් ලබා ගත හැකිවන්නේ උපරිම සති දෙකක කාලයකටය.
- අදාළ සේවකයාට අවම වශයෙන් සති 4ක වාර්ෂික නිවාඩු ඉතිරිව තිබිය යුතුය.
Australian Industry Group හි ප්‍රධාන විධායක Innes Willox පවසන්නේ මෙම නව ප්‍රතිපත්තිය සේව්‍ය සහ සේවක යන දෙපාර්ශවයන්ගේම ජයග්‍රහණයක් බවයි.
නව ප්‍රතිපත්තිය පිලිබඳ වෘත්තීය සමිති ප්‍රශ්න කරයි.
මෙම නව ප්‍රතිපත්තිය ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ සෞඛ්‍ය සඳහා අහිතකර ලෙස බලපාන බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය අනතුරු ඇඟවීමක් කරයි.
වාර්ෂික නිවාඩු සඳහා මුදල් ලබා ගැනීම සේව්‍ය පාර්ශවය තුලින් අධෛර්වත් කළ යුතු අතර සේවක පාර්ශවයෙන් එය දුරස් කළ යුතු බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Dave Oliver අවධාරණය කරයි.
මෙම නව ප්‍රතිපත්තිය මෙම වසරේ ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර මෙය Modern Awards හෙවත් ජාතික සේවා ස්ථාන සම්බන්ධ පද්ධතියට අදාළ සේවකයන් හට පමණක් බලපානු ඇත.

