ඔස්ට්‍රේලියාවේ නගරබද සහ ප්‍රාදේශීය ප්‍රදේශ වල පවතින ස්ථුලතා අනුපාතය පුළුල් වෙමින් පවතින බව හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලින් ස්ථුලතාවය ඉහළින්ම දක්නට ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවේ ගම්බද කලාපය වන අතර එය 38%ක ප්‍රතිශතයකි. මධ්‍යම සහ නැගෙනහිර සිඩ්නි කලාප වල එය 16%ක ප්‍රතිශතයකි.

New report suggests obesity gap between city, country widening

new report suggests obesity gap between city Source: SBS

ඔස්ට්‍රේලියාවේ නගරබද සහ ප්‍රාදේශීය ප්‍රදේශ වල පවතින ස්ථුලතා අනුපාතය පුළුල් වෙමින් පවතින බව නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.

අද (08/12) දිනයේ සෞඛ්‍ය සහ සුබ සාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය විසින් ඔස්ට්‍රේලියාවේ ස්ථුලතාවය පිළිබඳ එළිදැක්වූ වාර්තාවේ මේ බව සඳහන්.

එම වාර්තාවට අනුව 2014-2015 කාලය තුළ 28%ක ඔස්ට්‍රේලියානුවන් ස්ථුලතාවයෙන් පෙළුණු අතර එය 2011-2012 අතර කාලයේ 25% මට්ටමේ පැවතුණු බව වාර්තා වේ. 1995 වසරේදී එය 20%ක් තරම් පහළ මට්ටමක පැවතිණි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල වෙසෙන වැඩිහිටි පුද්ගලයන්ගෙන් සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම ස්ථුලතාවයෙන් පෙළෙන බවත් නගරබද ස්ථුලතා අනුපාතිකය පසුගිය වසර තුන ඇතුළත ක්‍රමයෙන් පහළ බැස ඇති බවත් අනාවරණය වී තිබේ.

ස්ථුලතාව අඩු කිරීමට නම් පෝෂණයේ සහ ක්‍රියාකාරකම් වල අසමතුලිතාව හඳුනාගෙන සමස්ත ඔස්ට්‍රේලියානුවන්ටම ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති නිර්මාණය කළ යුතු බව Deakin විශ්ව විද්‍යාලයේ ස්ථුලතා මධ්‍යස්ථානයේ ආචාර්ය Kathryn Backholer පැවසීය.

මෙම තත්ත්වය දැන් දැන් ප්‍රාදේශීය ප්‍රදේශ සහ දුෂ්කර ප්‍රදේශවලට ව්‍යාප්ත වන අයුරු පැහැදිලි වන බව ඇය වැඩි දුරටත් පැවසීය.

සීනි සහිත පැණි බීම වලින් අය කරනු ලබන බදු මුදල් වලින් ප්‍රාදේශීය ප්‍රදේශ සහ දුෂ්කර ප්‍රදේශවලට නැවුම් ආහාර ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට සහය ලබා දීම ඉතා හොඳ පිළියමක් බව ඇය පෙන්වා දෙයි.

යමෙකු ස්ථුලතාවයෙන් පෙළීමට වයස, ලිංග භේදය, සමාජ ආර්ථික තත්ත්වය යන කරුණු බලපාන බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලින් ස්ථුලතාවය ඉහළින්ම දක්නට ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවේ ගම්බද කලාපය වන අතර එය 38%ක ප්‍රතිශතයකි. මධ්‍යම සහ නැගෙනහිර සිඩ්නි කලාප වල එය 16%ක ප්‍රතිශතයකි.

Obesity rate by region
Obesity rate by region Source: AIHW

පසුගිය වසරේදී දුෂ්කර පළාත් සෞඛ්‍ය ඇමතිනි Fiona Nash විසින් ස්ථුලතාවය තුරන් කිරීමට සෞඛ්‍ය කණ්ඩායම් සහ ආහාර සංවිධාන සමග සම්බන්ධතාවක් ඇති කරගනනා ලදී.

ජනතාවට පෝෂ්‍යදායී ආහාර කවන්න රජයට බැහැ. නමුත් තමන්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු සහ ඔවුන්ගේ ආහාර පිළිබඳ දැනුවත් භාවයක් ලබා දීමට රජයට පුළුවන්.” ඇය පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්ෂණික ආහාර වෙළෙඳ සැල් නගර බද ප්‍රදේශ වලට වඩා ප්‍රාදේශීය ප්‍රදේශ වල බහුලව දක්නට ඇති බව මෙම වසර මුල බාගයේදී Deakin විශ්ව විද්‍යාලය විසින් සිදු කළ පර්යේෂණයකින් හෙළිවී තිබේ.

එම ක්ෂණික ආහාර වෙළෙඳ සැල් බොහෝ විට පිහිටුවා ඇත්තේ ප්‍රාථමික පාසල් සමීපයට වඩා ද්විතීක පාසල් අසළ බවද එයින් හෙළිවී තිබේ.

ස්ථුලතාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවට වසරකට ඩොලර් බිලියන 5.3කට අධික මුදලක් වැය වන බවද වාර්තා වේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now