SKIP TO MAIN CONTENT

එංගලන්ත - කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගාවලි රිචඩ්ස් - බෝතම් කුසලානය ලෙස නම් කෙරේ

New Richards-Botham trophy for future England-West Indies Tests
File photo dated 19-06-1986 of Somerset County Cricket Club team mates Viv Richards (L) and Ian Botham. Source: AAP Image/PA/PA Wire

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගාවලිය රිචඩ්ස් - බොතම් කුසලානය ලෙස නම් කිරීමට එංගලන්ත සහ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල එකඟ වී තිබේ.

කොදෙව් දූපත් වලින් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස හැඳින්වෙන ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉයන් බොතම් ගේ නමින් මෙම නව කුසලානය නම් කර ඇත.

කොරෝනා වසංගතය මධ්‍යයේ යුරෝපයේ ආරම්භවූ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය මේ වන විට එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වේ.

මෙවර තරගාවලියේ පිරිනැමෙන්නේ 1963 වසරේ දී හඳුන්වා දුන් විස්ඩන් කුසලානය වන අතර එය මෙම තරගාවලියෙන් අනතුරුව ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පිහිටි කෞතුකාගාරය වෙත යොමු කිරීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now