රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිතාකොට හසුවන මෝටර් රථ රියදුරන්ට ඩොලර් 1,000 ක දඩ මුදලක් නියම කෙරේන පරිදි නව නීති ගෙන ඒමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තිරණය කරයි.
රථවාහන සංඥා (traffic lights) අසල රිය නවතා ඇතිවිට ජංගම දුරකථනය ඇමතුවහොත් රියදුරන් හට ඩොලර් 500 ක දඩයකට යටත් වීමටද මෙම නව නිතිය යටතේ සිදුවෙයි. එසේම කන්යොමු (hand set/head phones) තිබියදී පවා දුරකතනය ඇමතීම වරදක් ලෙසට සැලකේ. දුරකථනය ඇමතීම පමණක් නොව දුරකතනයට ඇත තැබීම පවා මෙම දඩයට යටත්වීමට ප්‍රමනත් වේ. එසේ හසුවන වරදකරුවන්ගේ දඩයට අමතරව රියදුරු බලපත්‍රයේ ලකුණු අඩු වීමද සිදුවන ඇත.
පසුගිය වසරේදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත තුල රියදුරු අවධානය අඩුවීම නිසා සිදුවුණු මාර්ග අනතුරු වලින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇත. එසේම පසුගිය වසර පහ තුලදී රියපදවන අතරතුරදී ජංගම දුරකථන භාවිත කොට හසුවී ඇති රියදුරන් සංඛ්‍යාව 77,000 කට අධික බව වාර්තා වේ.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි ආකාර


