SKIP TO MAIN CONTENT

පුද්ගලික දත්ත හෙළි දරව් වීම් දැනුවත් නොකරන ඔස්ට්‍රේලියානු ආයතන වලට අද සිට විශාල දඩ.

New rules for serious data breaches come into effect today.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

තමන්ගේ සේවා දායකයින්ගේ හෝ පාරිභෝගිකයින්ගේ පුද්ගලික දත්ත හෙළි දරව් වුවිට ඒ පිළිබඳ ඔවුන්ව දැනුවත් නොකරන රජයේ ආයතන වලට, ව්‍යාපාර වලට සහ සෞඛ්‍ය සේවා සපයන්නන්ට එරෙහිව විශාල දඩ පැමිණවීමට තීරණය කර තිබේ.

ඒ අනුව බරපතල ලෙස පෞද්ගලික දත්ත හෙළිදරව් කිරීම් සහ අනාවරණය වීම් සඳහා මෙම දඩ පැනවීම අද (22/02) සිට ක්‍රියාත්මක කෙරේ.

මෙම නව නීති යටතේ තනි පුද්ගලයෙකුට ඩොලර් හාර ලක්ෂ විසි දහසක් දක්වා ද සාමගමකට ඩොලර් මිලියන 2.1 ක් දක්වාද දඩ පැනවීමක් සිදු කිරීමට හැකි වේ.

රහස්‍ය සෞඛ්‍ය තොරතුරු, Medicare කාඩ් පත් විස්තර, රියදුරු බලපත්‍ර විස්තර, ගුවන් ගමන් බලපත්‍ර විස්තර හෝ මුල්‍ය තොරතුරු මේ අතරින් වඩාත් බරපතල ලෙස සැළකේ.

යම් හේතුන් මත හදිසියේ  මෙවැනි දත්ත හෙළිදරව් වීමක් සිදුවුවහොත් ඒ පිළිබඳ අදාළ පාරිභෝගිකයින්ට හෝ සේවා දායකයින්ට දැනුම් දිය යුතු බවත් එවිට ඔවුන් හට තමන්ගේ තොරතුරු සුරක්ෂිත කරගැනීමට ඊට අදාළ පියවර ගැනීමට හැකි බවත් මධ්‍යම රජයේ නීතිපති Christian Porter පවසයි.

තමන්ගේ සේවා දායකයින්ගේ හෝ පාරිභෝගිකයින්ගේ පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමට යම් පුද්ගලයෙකු හෝ සමාගමක් නොදැන සිටීම දුර්වල මට්ටමේ නිදහසට කරුණක් බවද සයිබර් ආරක්ෂණ පිළිබඳ අමාත්‍ය Angus Taylor පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now