නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලට අදත් (15/12) දැඩි සුළං සමග වැසි

A lifeguard places a danger sign on the Gold Coast.

New South Wales and Queensland face another day of damaging waves, winds, and rainfall Source: AAP

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අද දිනය (15/12) තුළදීත් හානිකර මුහුදු රළ, සුළං සහ වර්ෂාපතනයට මුහුණ දෙමින් සිටින බව කාලගුණ කාර්යාංශය පවසයි. කාලගුණ නිලධාරීන් තවදුරටත් ගංවතුර හා වෙරළ ඛාදනය ගැන අනතුරු අඟවා සිටී.

ගිනිකොනදිග ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් වූ අඩු පීඩන පද්ධතියක් මගින් විශාල වර්ෂාපතනයක් සහ සුළි සුළං තත්වයක් ඇති කරන අතර අධික වඩදිය බාදිය සමඟ 'බයිරන් බේ' හි ප්‍රධාන වෙරළ තීරය සේදී යාමකට ලක්ව ඇති බවද සඳහන්

කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවන්නේ නිව් සවුත් වේල්ස්හි උතුරු මැද Newcastle දක්වා වන වෙරළ තීරය ද , ඒ හා සමාන ඛාදනයකට ගොදුරු වීමේ අවදානමක් ඇති බවයි.

පවතින අධික සුළං සහ වර්ෂාපතනය සහිත කාලගුණ තත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙසට කාලගුණ කාර්යාංශය , නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන් ගෙන් ඉල්ලා සිටී.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now