විදේශයන් හි සිට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව ලබන වසර වනතුරු වැඩි නොකිරීමට තීරණයක් ගනී

International arrival caps

Australia is one of few countries in the world to ban its citizens from leaving the country Source: James D. Morgan/Getty Images

විදේශ වල සිට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාවෙහි වැඩිකිරීමක් ලබන වසර වනතුරු සිදුකිරීමට කිසිඳු අපේක්ෂාවක් නොමැති බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසා සිටී. මේ වන විට සතියක කාලයක් සඳහා ප්‍රාන්තය විසින් විදේශ වල සිට පැමිණෙන පුද්ගලයින් 3000 ක ප්‍රමාණයක් භාරගනු ලබයි. එලෙස පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14 ක හෝටල් නිරෝධයනයකට ලක්විය යුතුය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා පැවති කැබිනට් රැස්වීම සඳහා මධ්‍යම රජයේ අගමැති මොරිසන් විසින් සියළුම ප්‍රාන්ත සහ ටෙරටරි වල ප්‍රාන්ත අගමැතිවරුන් සහ ප්‍රධාන අමාත්‍යවරුන් කැඳවනු ලැබීය. එහිදී අවධානය යොමුකොට ඇත්තේ විදේශයන්හි රැඳී සිටින ඕස්ට්‍රේලියානුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම තවදුරටත් පුළුල් කල යුතු බවයි. මේ වන විට 38, 655 ක ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාවක් ආපසු ඔස්ට්‍රේලියාව බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවද එහිදී අගමැති ස්කොට් මොරිසන් හෙළිදරව් කොට සිටියේය.

මෙයට ප්‍රතිචාර දක්වමින් නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් පවසා සිටියේ තම ප්‍රාන්තයට සතියකට ගෙන්වා ගන්නා පුද්ගලයින් කෝටාවෙහි කිසිඳු වෙනසක් කිරීමට තම බලාපොරොත්තු නොවන අතර ඒ පිලිබඳ නැවත සමාලෝචනයකට ලක් කිරීම ලබන වසරේදී සිදුවෙනු ඇති බවයි.

මේ අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය covid 19 ප්‍රජා සම්ප්‍රේෂණ කිසිවක් වාර්තා නොවන 10 වන දිනයට ළඟාවෙයි. කෙසේවෙතත් ප්‍රාන්තයට විදේශයන් හි සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් අතරින් තුන් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇත.

ප්‍රාන්තය තුල කොරෝනා වසංගතය දරුණු ලෙසින් පැතිර යමින් පවතී සමයේදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 4000 කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශයේ වෛද්‍ය ජෙරමි මැක්අනල්ටි පවසනුයේ මේ වන විට ප්‍රාන්තය තුල කොරෝනා පරික්ෂා කිරීම් පහත වැටී ඇති තත්වය පිළිබඳව සැලකිලිමත් වන බවයි.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now