SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනියටත් විශ්වාසභංග යෝජනාවක්

Gladys Berejiklian
新州州長貝利珍妮安 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ට එරෙහිව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ අද (13/10) විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂය සූදානම් වේ.

අපකීර්තියට පත් හිටපු රජයේ මන්ත්‍රීවරයෙකු වූ Daryl Maguire සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian  “සමීප පෞද්ගලික සම්බන්ධතාවයක්” තිබූ බව අනාවරණය වීමත් සමග ඇයට සිය ධුරයෙන් ඉවත් වීමට බලපෑම් එල්ල වන්නට විය.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම Gladys Berejiklian විසින් ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ Daryl Maguire සමඟ වසර පහක් තිස්සේ ඇය සම්බන්ධතාවයක සිටි බව බෙරෙජික්ලියන් මහත්මිය ඊයේ රජයේ දූෂණ විරෝධී ආයතනය පැවැත්වූ විමර්ශනය හමුවේ පිළිගත්තාය.

දේපළ ගනුදෙනුවකදී අයතා මුදල් ලබාගැනීමක් හා සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් Daryl Maguire හට 2018 වසරේදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

පෞද්ගලික ජීවිතයක් සහ රජයේ රාජකාරියක් අතර විශාල වෙන්වීමක් ඇති බව මේ පිළිබඳ අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ප්‍රකාශ කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now