SKIP TO MAIN CONTENT

අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා වන සීමා පිලිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තීරණය ඉදිරි පැය 48 ඇතුලත

سيدني في المرتبة الثانية كأفضل مدينة صحية في العالم
سيدني في المرتبة الثانية كأفضل مدينة صحية في العالم

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

පවතින කොරෝනා වෛරස තත්වය හමුවේ, අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා වන සීමාවන් සම්බන්ධයෙන් වන තීරනය අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහන් කොට තිබේ.

ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian ප්‍රකාශ කරන්නේ මෙම තීරණය, ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව මත සෘජු ලෙසම රඳා පවතින බවයි.

එමන්ම මේ වනවිට ඉහල මට්ටමක පවතින පරීක්ෂණ අනුපාතය හේතුවෙන් පුද්ගලයින් සඳහා අලුත් අවුරුදු දින යම් සහනදායි වැඩපිළිවෙලක් ලබාදීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට හැකි වන අතර Northern Beaches හි දකුණු ප්‍රදේශය සම්බන්ධයෙන් ස්දදී අවධානයෙන් පසු වන බවද ඇය සඳහන් කර සිටී.

මේ වනවිටත් Northern Beaches හි වැසියන් හට නිවසේ සිටින ලෙසට වන නීතින් පවතින අතර සිඩ්නිහි සෙසු ප්‍රදේශ වල සිටින පුද්ගලයින් සඳහා තම නිවසට පුද්ගලයින් 10 දෙනෙකු ගෙන්වා ගැනීමට හැකියාව පවතී.

කෙසේ නමුත් නත්තල දක්වා ප්‍රාන්තය තුල පැවති කොරෝනා පරීක්ෂණ අනුපාතය මේ වන විට පහත ගොස් ඇතැයි වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now