කොරෝනා වසංගතය තවත් දරුණු වුවහොත් මේ සති අන්තයේදී නිව් සවුට් වේල්ස් ප්‍රාන්තය වසා දැමීමේ සූදානමක්

NSW Premier Gladys Berejiklian speaks to the media during a press conference in Sydney, Friday, March 27, 2020. (AAP Image/James Gourley) NO ARCHIVING

NSW Premier Gladys Berejiklian Source: AAP

කොරෝනා වසංගතයේ තත්ත්වය සලකා බලා එය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් නිව් සවුට් වේල්ස් ප්‍රාන්තය මේ සති අන්තයේදී වසා දැමීමට තමන් සූදානම් බව නිව් සවුට් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.

කොරෝනා වයිරසයෙන් ඉහළම පීඩාවට පත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ලෙස නිව් සවුට් වේල්ස් ප්‍රාන්තය හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 1,405 කි.

ඊට අමතරව දැනට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ 13 න් 7 ක්ම වාර්තා වන්නේ ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙනි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන් 16 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව ද සඳහන්.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති නීති වලින් සාර්ථක ප්‍රතිඵල අත් නොවන බවක් පෙනී ගියහොත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඊට වඩා දැඩි නීති අනුගමනය කිරීමට තමන් සූදානම් බව නිව් සවුට් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now