නිව් සවුත් වේල්ස් - වික්ටෝරියා ප්‍රාන්ත සීමාව තවදුරටත් දැඩි කිරීමට පියවර

Police at the NSW-Victoria border earlier this month.

Police at the NSW-Victoria border earlier this month. Source: Getty

නිව් සවුත් වේල්ස් - වික්ටෝරියා ප්‍රාන්ත අතර ඇති ප්‍රාන්ත සීමාව තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අතිශය සීමිත අරමුණු ඇති පුද්ගලයින් සඳහා පමණක් වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.

හෙට (21/07) මධ්‍යම රාත්‍රියේ සිට Murray ගංගාව දිගේ ප්‍රාන්ත සීමා කලාපයක් පිහිටුවා ඇති අතර එම සීමාව හරහා තරණය කිරීමට ලබාදී ඇති සියලුම බලපත්‍ර අවලංගු කරනු ලබන බව සඳහන්.

එම ප්‍රාන්ත සීමා කලාපයේ පදිංචිකරුවන්ට දැඩි නිර්ණායක යටතේ බලපත්‍ර සඳහා නැවත ඉල්ලුම් කිරීමට බල කෙරෙනු ඇත.

තමන්ට නිවසේ සිට රාජාකාරී කිරීමට හෝ අධ්‍යාපන කටයුතු කිරීමට හෝ  නොහැකි නම් එවැනි පදිංචිකරුවන්ට ප්‍රාන්ත සීමාව තරණය කිරීමට අවසර ලැබේ.

ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර, සැපයුම් හෝ සෞඛ්‍ය සේවා සඳහා පමණක් අවසර ලැබේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now