ඔස්ට්‍රේලියාවේ රැකියා ලබා ගැනීම සංක්‍රමණික ප්‍රජාවට තවමත් අපහසුයි : නවතම Scanlon සමීක්ෂණය පෙන්වා දෙයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වර්ග වාදය පිළිබඳ කොමසාරිස් ආචාර්ය Tim Soutphommasane පවසා සිටියේ සේවා නියුක්තියේ සිදුවන වෙනස්/අඩු සැළකිලි මිනිසුන්ගේ නම් හේතුවෙන් සුලබව සිදු වන බවයි. ඔබට බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත සම්භවයක් ඇති නමක් හෝ යුරෝපානු සම්භවයක් සහිත නමක් ඇත්නම් රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවත් ආසියානු හෝ මැද පෙරදිග සම්භවයක් සහිත නමක් ඇත්නම් ඒ සඳහා අඩු සම්භාවිතාවක් ඇති බවත් පෙන්නුම් කරන බව ඔවුන්ට වැටහී ගොස් ඇති බව ආචාර්ය Tim Soutphommasane වැඩි දුරටත් පැවසුවේය.

A new report from the Scanlon Foundation was released on Wednesday (24/08)

සුප්‍රසිද්ධ Scanlon පදනමේ නවතම සමාජ සංගතික වාර්තාව වන “වර්තමාන ඔස්ට්‍රේලියානුවන්” (Australians Today) යනුවෙන් එළි දක්වා තිබේ. ඔස්ට්‍රේලියාවේ උපත ලද සහ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වැසියන් සම්බන්ධ කරගනිමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙතෙක් සිදු කළ විශාලතම සමීක්ෂණය මෙය බවද සඳහන්.

මෙම වාර්තාවට අනුව 2006 සහ 2015 අතර කාලයේදී “Independent Skill Visa” යට‍තේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පිරිසෙන් 13%ක ප්‍රතිශතයක් තවමත් විරැකියාවෙන් පෙලෙන බව හෙළිවී තිබේ.

මීට අමතරව එම කාලය තුළ සරණාගත සහ මානුෂීය පදනම මත වීසා ලබා පැමිණි උදවියගෙන් 20% කටද නීති විරෝධී සංක්‍රමණිකයන්ගෙන් 50% කටද රැකියා නොමැති බව හෙළිවී තිබේ.  

පසුගිය බදාදා (24/08) පිටවූ මෙම වාර්තාවට අනුව සමීක්ෂණයට සම්බන්ධවූ හරි අඩක් පමණ පිරිස කියා සිටියේ තමන්ට බිල්පත් ගෙවීමට පවා නිසි ආදායමක් නොමැති බවයි.

සමීක්ෂණයට සහභාගී වූ එක් කාන්තාවක් පැවසුවේ තමාගේ වෘත්තියෙන් තමාට රැකියාවක් සොයා ගත නොහැකි වූ නිසා වෙනත් රැකියාවක් කරන බවයි. “ඔබ ජංගම දුරකතන පැකේජයක් ලබා ගැනීමට ගිය විට ඔවුන් ඔබේ ලිපිනය ඉල්ලනවා. නමුත් ඔබට ලිපිනයක් නැහැ. ඔබ නිවසක් කුලියට ගැනීමට ගිය විට ඔවුන් ඔබගේ කුලී පදිංචි ඉතිහාසය විමසනවා. නමුත් ඔබට එහෙම කියන්න එකක් නැහැ. ඔවුන් ඔබේ වැටුප් ලේඛන ඉල්ලනවා. නමුත් ඔබට හරි හමන් රැකියාවක් නැහැ. ඔබ රැකියා වලට ඉල්ලුම් කරනවා. නමුත් ඔවුන් ඔබට රැකියාවක් දෙන්නේ නැහැ. මොකද ඔබට ඔස්ට්‍රේලියාවේ රැකියා අත්දැකීම් නැති නිසා.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

මෙම සමීක්ෂණ වාර්තාවේ මූලිකයා වූ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Andrew Markus පවසන්නේ එක් එක් වීසා ඛාණ්ඩ වලට මෙම ගැටළු වෙනස් වන බව මෙම සමීක්ෂණයෙන් පෙන්නුම් කරන බවයි. මෙම සමීක්ෂණයට අනුව රැකියා පිළිබඳ වැඩි සාර්ථකයක් ලබා ඇත්තේ 457 වීසා ඛාණ්ඩය යටතේ සංක්‍රමණය වූ පුද්ගලයන් බව ඔහු පවසයි. ඊට හේතුව ඔවුන් සංක්‍රමණය වීමට පෙරාතුවම ඔවුන්ගේ රැකියා පිළිබඳ ස්ථිර ගිවිසුම් වලට එළඹ තිබීම බවද ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව නවසීලන්තයේ සිට සංක්‍රමණය වූ බොහෝ පිරිස් හටද රැකියා ප්‍රශ්නය අඩුවන් බලපා ඇති බව අනාවරණය වී තිබේ.

A new report from the Scanlon Foundation was released on Wednesday (24/08)
A new report from the Scanlon Foundation was released on Wednesday (24/08)

මානුෂීය හේතුන් මත පැමිණි සංක්‍රමණිකයන්

සරණාගතයන් ලෙස සහ නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් ආර්ථික වශයෙන් බොහෝ ගැටළු වලට මුහුණ පාන බවද මහාචාර්ය Andrew Markus පවසයි.

එම පිරිස් වලින් 34%ක් පවසා ඇත්තේ ඔවුන් හට රැකියා ලැබී ඇති බවයි. 20%ක ප්‍රතිශතයක් තවමත් රැකියා සොයමින් පසුවන බවත් ඉතිරි 44% විරැකියාවෙන් පෙලෙන බවත් අනාවරණය වී තිබේ.

තත්ත්වය එසේ පැවතුනත් ඔස්ට්‍රේලියාවේ  ජීවිතය පිළිබඳ ඔවුන්ගෙන් විමසු කළ ලැබුණු පිළිතුරු ඉතා ධනාත්මක ඒවා බව මහාචාර්යවරයා පවසයි.  80%කට අධික පිරිසක් කියා සිටියේ ඔවුන් ඔස්ට්‍රේලියාවේ  ජීවිතය පිළිබඳ සැහීමකට පත්වන බවයි. එසේ සැහීමකට පත් නොවන බව ප්‍රකාශ කර ඇත්තේ 5%ක පමණ සුළු ප්‍රතිශතයකි.

කෙසේ වෙතත් skilled migrants නොහොත් නිපුනතා ලැයිස්තුව යටතේ සංක්‍රමණය වූ පිරිස් තවමත් රැකියා ප්‍රශ්න වලින් පෙළෙන බව මහාචාර්ය Andrew Markus පවසයි. ඔවුන් නිපුනතා ලැයිස්තුවට අදාළ ලකුණු ප්‍රමාණය රැස් කර එම වීසා ලබා ගැනීමට සමත් වුවත් ඔස්ට්‍රේලියාවට පැමිණ රැකියා සොයා යාමේදී බොහෝ දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදු වන බව අනාවරණය වී තිබේ.

ඔවුන් පවසන්නේ ඔබ සංක්‍රමනිකයෙක් බව දැනගත් විට බොහෝ ආයතන වලින් ඔබට  සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමක් නොලැබෙන බවයි. තවත් පිරිසක් කියා සිටියේ “මොහොමඩ්” යනුවෙන් නම තිබෙනවානම් ඔවුන් හටද රැකියා ලබාගැනීමේ දුෂ්කරතා මතුවන බවයි.  

ඔස්ට්‍රේලියාවේ වර්ග වාදය පිළිබඳ කොමසාරිස් ආචාර්ය Tim Soutphommasane පවසා සිටියේ සේවා නියුක්තියේ සිදුවන වෙනස්/අඩු සැළකිලි මිනිසුන්ගේ නම් හේතුවෙන් සුලබව සිදු වන බවයි. ඔබට බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත සම්භවයක් ඇති නමක් හෝ යුරෝපානු සම්භවයක් සහිත නමක් ඇත්නම් රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවත් ආසියානු හෝ මැද පෙරදිග සම්භවයක් සහිත නමක් ඇත්නම්  ඒ සඳහා අඩු සම්භාවිතාවක් ඇති බවත් පෙන්නුම් කරන බව ඔවුන්ට වැටහී ගොස් ඇති බව ආචාර්ය Tim Soutphommasane වැඩි දුරටත් පැවසුවේය. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now