SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට සිදුවන විදේශීය බලපෑම් මැඩ පැවැත්වීම සඳහා නව ශ්‍රම බලකායක්.

Australian Federal Police
Australian Federal Police. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවට සිදුවන විදේශීය බලපෑම් මැඩ පැවැත්වීම සඳහා නව ශ්‍රම බලකායක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 90 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට හෝ ජාතික කටයුතු වලට අනිසි ලෙස බලපෑම් කරන හෝ ඒ සඳහා සහය වන පුද්ගලයින්ව හඳුනාගෙන අධිකරණය හමුවට පැමිණවීම මෙම ශ්‍රම බලකායේ කාර්යය වේ.

ඔස්ට්‍රේලියාවේ බුද්ධි අංශ සේවා මණ්ඩලය වන ASIO ආයතනය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල්  පොලීසිය, මුල්‍ය බුද්ධි අංශ ඒකකය වන Austrac, Australian Signals Directorate සහ AGO බුද්ධි ආයතනය යන ආයතන වල කාර්ය මණ්ඩල වලින් මෙම ශ්‍රම බලකාය සමන්විතය.

ඔස්ට්‍රේලියාවට ඉදිරියේදී එල්ලවන විදේශීය බලපෑම් වැඩිවීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී මෙල්බර්න් Chisholm ආසනය සඳහා තරග කිරීමට සූදානම්ව සිටි Nick Zhao නැමැත්තාට ඩොලර් මිලියනයක මුදලක් චීන මෙහෙයුම්කරුවන් විසින් ලබාදුන් බවට චැනල් Nine පුවත් සේවය පසුගිය සතියේදී සිදුකළ අනාවරණයෙන් පසුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම  තීරණය ගැනීමට උනන්දු වූ බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now