පකිස්ථානය පරාජය කරමින් නවසීලන්තය අවසන් පුර්ව වටය සුදුසුකම් ලබයි

මෙය නවසීලන්තය පිට පිට ලැබූ තුන්වැනි 20-20 තරග ජය වන අතර, මෙම තරගයේ පරාජයත් සමගින් පකිස්ථානය අවසන් පුර්ව වටය සුදුසුකම් ලැබීමට ඇති අවස්ථා ඉතා අවම වනු ඇති.

New Zealand's team celebrates after the dismissal of Pakistan's Ahmad Shazad during the World T20 cricket match between New Zealand and Pakistan

New Zealand's team celebrates after the dismissal of Pakistan's Ahmad Shazad during the World T20 cricket match between New Zealand and Pakistan Source: Getty Images

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 10 වටයේ දෙවැනි කාණ්ඩය යටතේ නවසීලන්තය සහ පකිස්ථානය ඊයේ මොහාලි හිදී තරග වැදුණු අතර එම තරගයෙන් ලකුණු 22ක  ජයක් අත්කරගන්නට නවසීලන්තය සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් තරවලියේ අවසන් පුර්ව  වටයට සුදුසුකම් ලබන්නට නවසීලන්තය සමත් වූ අතර, තරගාවලිය තුල ඔවුන් සහභාගී වූ තරග තුනම ජයගන්නට නවසීලන්තය සමත් වී තිබේ.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල අතර එහිදී ඔවුන්ට කදුළු 5ක් දැවී ලකුණු 180ක් වාර්තා කරන්නට හැකි විය.

පන්දුවට පහර දීමේදී පන්දු 48 කදී ලකුණු 80ක් වාර්තා කල මාටින් ගප්ටිල් තරගයේ විරය ලෙස සම්මාන හිමි කරගත්තේය. ගප්ටිල් 20-20 ජාත්‍යන්තර තරගයකදී තරගයේ වීරයා සම්මානය හිමි කරගත් 7 වැනි වතාව මෙය වන අතර මිට පෙර බ්‍රෙන්ඩන් මැකලම් නවසිලන්ත කණ්ඩායමේ තරගයේ වීරයා සම්මාන 7ක් හිමි කරගනිමින් වැඩිම සම්මාන සංඛ්‍යාව හිමි කරගෙන තිබිණි. මකලම්ගේ එම වාර්තාව මෙහිදී ගප්ටිල් සම කරන්නට සමත් විය.

මෙම තරගයේදී පාකිස්ථානු කණ්ඩායමේ නායක සහිඩ් අෆ්රිඩි කදුළු 2ක් දව ගත්  එම කදුළු 2ත් සමගින් ඔහු 20-20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලු  දවාගත් ක්‍රීඩකයා  බවට පත් විය. ඔහු මේ වන විට ඉනිම 33කදී කඩුලු  39ක් දවා  ගැනීමට සමත් වී ඇති අතර මීට පෙර ඉනිම 31කදී කඩුලු  38ක් දවා  ගනිමින් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග හිමි කරගෙන සිටි වාර්තා මෙලෙස අෆ්රිඩි බිද හෙලන්නට සමත් විය.

තරගයේ පිළිතුරු ඉනිම ආරම්භ කල පකිස්ථානයට ලකුණු 181 ක ඉලක්කයක් හිමි වූ අතර, එහිදී නියමිත පන්දුවාර 20 දී කඩුලු  5ක් දැවී ඔවුන්ට වාර්තා කල හැකි වුයේ ලකුණු 158ක් පමණි. පකිස්ථානු  ආරම්භක පිති කරු Sharjeel Khan ඊයේ දිනයේ පාකිස්ථානය  වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අතර ඔහු පන්දු 25කට මුහුණ දී ලකුණු 47ක් වාර්තා කරන්නට සමත් විය. හතරේ පහර 9ක් සහ එක හයේ පහරක් සමගින් ඔහු තම ලකුණු 47 වාර්තා කළේය.

අවසන් පන්දුවාර 5 දී තරගයේ ජයග්‍රහණය සදහා 11.60ක් දල ලකුණු ලබාගැනීමේ වේගයක් අවශ්‍යව තිබියදී පකිස්තානු පිති කරුවන් හතරේ පහර හෝ හයේ පහර එල්ල කරන්නට සමත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. අවසන් පන්දුවාර 5දී පකිස්තානු පිතිකරුවන් වාර්තා කලේ ලකුණු 35ක් පමණක් වන අතර, මෙම තරගයෙන් ඔවුන්ට ලකුණු 22ක් පරාජයක් අත්  විය.

අද  තරග බිමට

මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද  ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය නවදිල්ලි හිදී තරග වදින අතර  ඉන්දීයාව  බංග්ලාදේශය සමගින් බැංගලෝර්  හිදී  තරග වැදීමට නියමිතයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now