SKIP TO MAIN CONTENT

Gita සුළි කුණාටුවෙන් නවසීලන්තයේ දකුණු කලාපයට බරපතල හානි.

Cyclone Gita
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

නවසීලන්තයේ දකුණු දූපතට බලපෑ Gita සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් මෙන්ම අදාළ ප්‍රදේශ වල ඇති ගස් කඩා වැටීම් සහ විදුලිය බිඳ වැටීම් සිදුව ඇති බව වාර්තා වේ.

ඊයේ (20/02) දහවලේ සිට අද (21 /02) පෙරවරු 6 දක්වා සහන ඉල්ලා කලාපයේ ගිනි නිවීමේ හා හදිසි තත්ත්වයන් මැඩලීමේ ඒකකය වෙත දුරකථන ඇමතුම් 1300 ක් පමණ ලැබුණු බව සඳහන්.

මේ අතර නවසීලන්තයේ Taranaki, Nelson/Tasman region, Selywn district, Grey district, Buller, Westland සහ Christchurch යන කලාප වල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.

දකුණු කලාපයේ උතුරු ප්‍රදේශ වලට මෙම සුළි කුණාටුවෙන් බරපතල හානි සිදුව ඇති ආතර් ගංවතුර හේතුවෙන් මාර්ග රැසක්ද වසා දමා ඇති බව පැවසේ.

මේ අතර මේ වන විට Gita සුළි කුණාටුව රටින් ඉවතට ගමන් කරමින් පවතින නමුත් Dunedin සහ North Otago යන ප්‍රදේශ වලට තවදුරටත් වැසි ඇතිවන බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now