SKIP TO MAIN CONTENT

නවසීලන්තය අපරාජිතව තරගාවලියේ ඉදිරියට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති Super 10 වටයේ තරගයකින් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට නවසිලන්ත කණ්ඩායම සමත් විය.

New Zealand's Grant Elliott(C)celebrates with teammates after the dismissal of Bangladesh's captain Mashrafe Bin Mortaza
New Zealand's Grant Elliott(C)celebrates with teammates after the dismissal of Bangladesh's captain Mashrafe Bin Mortaza Source: Getty Images

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

කල්කටා  හි ඊඩ්න්  ගාඩ්න් ක්‍රීඩාංගනයෙදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු නවසිලන්ත නායක Kane Williamson පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර එහිදී කඩුලු  8ක් දැවී ලකුණු 145ක් වාර්තා කරන්නට ඔවුන් සමත් විය. නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායක Kane Williamson ලකුණු 42ක් වාර්තා කරන්නට සමත් විය.

බංග්ලාදේශය වෙනුවෙන් අගනා  පන්දු යැවීමක නිරත වූ Mustafizur Rahman ලකුණු 22කට කඩුලු  5ක් දවා  ගනිමින් අගනා  පන්දු යැවීමක් නිරත වුවත් බංග්ලාදේශ පිති කරුවන් තරගයේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 146 වෙත ලග වීමට සමත් වුයේ නැහැ.

පන්දුවාර 15කුත් පන්දු 4කදී ලකුණු 70කට සියලුම බංග්ලාදේශ පිති කරුවන් දවගන්නට නවසිලන්ත පන්දු යැවීමේ බලඇණිය සමත් වූ අතර, එලියට් සහ සෝධි නවසීලන්තය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා  ගන්නට සමත් විය.

තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු බංග්ලාදේශය Super 10 වටය යටතේ සහභාගී වූ තරග 4ම පරාජයට පත් වුවත් ඔවුන්ගේ ආක්‍රමණශීලි තරග විලාශය විචාරක ප්‍රශංසාවට ලක් විය. ඉන්දියාව සමග පැවති තරගයේදී ජයග්‍රහණය බංග්ලාදේශ කණ්ඩායමෙන් නුලෙන් ගිලිහුණු අතර එක ලකුණක  තියුණු ජයක් එම තරගයේදී ඉන්දියාවට හිමි විය. බංග්ලාදේශ කණ්ඩායම තුල තවත් වර්ධනය විය යුතු අංශ ඇතත්, මෙම තරගවලිය තුල සතුටුවිය හැකි ඉතා දීප්තිමත් අවස්ථා රැසක් තමන් බංග්ලාදේශ කණ්ඩායම තුල දුටු බවත්, ඔවුන්ගේ තරගකාරී ක්‍රීඩා විලාශය අගය කල යුතු බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ  තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now