SKIP TO MAIN CONTENT

පෞද්ගලික ගිණි අවි හිමිකාරිත්වය තවදුරටත් සීමා කිරීමට නවසීලන්ත රජය සැලසුම් කරයි

New Zealand Prime Minister Jacinda Ardern meeting muslim reps
NZ Prime Minister Jacinda Ardern, Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

පෞද්ගලික ගිණි අවි හිමිකාරිත්වය තවදුරටත් සීමා කිරීමට නවසීලන්ත රජය සැලසුම් කරයි. මෙය රට තුලට පැමිණෙන විදේශිකයින්ට විශේෂයෙන් බලපානු ඇතැයි වාර්තාවේ.

මේ අනුව රජයේ නව නීතිය මගින් ගිණි අවි ළඟ තබා ගැනීම වරප්‍රසාදයක් මිස අයිතියක් නොවන බව අවධාරණය කොට ඇති අතර විදේශීය අමුත්තන්ට තුවක්කු විකිණීම තහනම් කිරීම, රටේ සියලුම ගිණි අවි සොයා ගැනීම සඳහා ලේඛනයක් නිර්මාණය කිරීම සහ තුවක්කු හිමිකරුවන් සෑම වසර පහකට වරක් තුවක්කු බලපත්‍ර අළුත් කිරීම ආදී නව නීති ඇතුලත් කොට තිබේ. මීට පෙර මෙම බලපත්‍ර අළුත් කිරීමේ නීතිය සෑම වසර 10 කට වරක් සිදුවිය යුතු ලෙසට පැවතින

එසේම පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය වැනි වෙනත් සාධක සලකා බැලීමටත්, ඔවුන් සමාජ මාධ්‍යවල පළ කර ඇති දේ ගැනත් සලකා බැලීමට පොලීසියට බලතල ලැබෙනු ඇත.

නවසීලන්ත අගමැතිනි Jacinda Ardern මෙම නව සැලසුම් ප්‍රකාශයට පත් කලද එම වෙනස්කම් සිදු වන්නේ කෙදින දැයි පැවසීම ප්‍රතික්ෂේප කොට සිටියාය.

මේ වසරේ මාර්තු මසදී නවසීලන්තයේ Christchurch නගරයේ මුස්ලිම් පල්ලි 3 කට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ නවසිලන්ත රජය මෙම ගිණි අවි හිමිකාරීත්වය සම්බන්ද නීති සංශෝධනය කෙරෙහි දැඩි අවධානය යොමුකොට තිබේ


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now