SKIP TO MAIN CONTENT

නවසිලන්ත වකාරි ගිනිකන්ද පිපිරීමෙන් මියගිය පුද්ගලයින් අතර ඕස්ට්‍රේලියානුවන් ද සිටින බව හෙළිවෙයි

New Zealand Volcano eruption
White Island (Whakaari) volcano is located around 40km offshore of the Bay of Plenty. Source: EPA

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නවසීලන්තයේ ඊයේ පුපුරාගිය වකාරි ගිනිකන්ද හේතුවෙන් මියගිය හෝ අතුරුදන්වූ පුද්ගලයින් අතර ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකු ද සිටින බව හෙළිවෙයි. ඊයේ (9 Dec) මෙරට වේලාවෙන් පස්වරු කාලයේදී නවසීලන්තයේ වයිට් දුපතේ පිහිටි වකාරී ගිනිකන්ද පුපුරායාමට ලක්විය. ඒ වනවිට දුපතෙහි සංචාරකයින් 47 දෙනෙකු පමණ සිට ඇතැයිද නවසිලන්ත වාර්තා සඳහන් කරයි. මෙම සිදුවීමෙන් පුගලයින් 6 දෙනෙකු මියගොස් ඇතිබව නිශ්චිතව තහවුරු වී ඇති අතර තවත් 8 දෙනෙකු අතුරුදන්ව හෝ මියගොස් ඇතිබවට සැලකේ.

වකාරී ගිනිකන්ද පුපුරායන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් අතරින් 31 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගතකොට ඇතැයිද සඳහන්. ඉන් 13 දෙනෙකු ඕස්ට්‍රේලියානුවන් බව වාර්තා වන බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කොට සිටී.

මෙම සිදුවීමෙන් මියගිය හෝ අතුරුදන් වුනු පුද්ගලයිනට සහ තුවාල ලැබුවනට තම බලවත් කණගාටුව ප්‍රකාශකොට සිටින බව නවසිලන්ත අගමැතිනි Jacinda Ardern පවසා සිටී.

මේ අතර, මෙම ගිනිකඳු විදාරණයට හසුවී දිවිබෙරගෙන සිටින පුද්ගලයින් තවමත් වයිට් දූපතෙහි සිටින බවට අපේක්ෂා කල නොහැකි බව නවසිලත්න බලධාරීහු ප්‍රකාශ කරති. පුද්ගලයින් බේරාගත් පසුද නිර්ශන ගුවන් යානා දුපත වටා සංචාරය කරමින් තවදුරටත් නිරික්ශනයෙහි යෙදුන නමුදු එවැනි දිවි බේරාගත් පුද්ගලයින් තවදුරටත් සිටිය හැකිබවට විශ්වාස කල නොහැකි බැවින් එම පරික්ෂා කිරීම් නවතා දැමුණු බව බලධාරීහු සඳහන් කරති.

පොලිස් පාලක නිලධාරී බෘස් බර්ඩ් සඳහන් කරනුයේ අද දිනයතුලදී මියගිය හෝ අතුරුදන්ව ඇතැයි සැලකෙන අනෙකුත් පුද්ගලයින්ගේ මෘත ශරීර පිලිබඳ පරික්ෂාව සඳහා වකාරී ගිනිකන්ද පිහිටා ඇති වයිට් දුපත වෙත නැවත යෑමට හැකි ඉඩ ප්‍රස්තා ඇතිදැයි සොයා බලෙන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now