SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක්.

New Zealand will open a High Commission in Sri Lanka.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය Murray McCully මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නවසීලන්ත රජයේ ඇති කැපවීම පෙන්නුම් කරන්නක් බව නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

30 වසරක යුද්ධයෙන් අනතුරුව යළි ගොඩනැගෙමින් පවතින ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලනික වශයෙන් සහයෝගය දැක්වීමට නවසීලන්ත රජය කටයුතු කරන බවද  ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත අපනයනයකරුවන්ට වැඩි අවස්ථා උදාවී ඇති බව ද නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now