මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟය අද සිඩ්නි SCG ක්‍රීඩාංගනයේ පැවැත්වින.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 65 කින් පරාජයට පත් කරමින් නවසීලන්ත කණ්ඩායම ජය සනිටුහන් කළහ.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය.
එහිදී ආරම්භක පිතිකරු Finn Allen සහ Devon Conway එක ලකුණ බැගින් ලබා සිටියදී දැවී යාම විශේෂත්වයක්.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
ජයග්‍රාහී ලකුණු 167ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store
හෝ Google Play
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
අති විශාල ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පිරිසක් සිඩ්නි SCG පිටියට පැමිණෙයිි
අද දිනය අන්තයේ දිනයක් වූ බැවින් තරගය නැරඹීමට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් විශාල සංක්‍යාවක් SCG ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටියහ
වෙනදාමෙන් සිංහ ධජ අතැතිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට්වලින් සැරසී ඔවුහු අදත් ක්‍රීඩා පිටිය වර්ණවත් කළ අයුරු අපට දැකගත හැකි විය.
තරගය ආරම්භ වීමට පෙර SCG ක්‍රීඩාංගනයේ ප්‍රධාන පිවිසුම අසළ අතිවිශාල පරක්ෂක පිරිසක් රැඳී සිටිනු අපට දැකගත හැකි විය.

ඔස්ට්‍රේලියාවේ කුමන ක්‍රීඩාංගනයක වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට ලාංකේය ක්‍රිකට් සංගීතය පතුරුවන "මෙල්බර්න් පපරේ" කණ්ඩායමද අදත් SCG ක්‍රීඩාංගනයේ සිය සංගීත නාදය පතුරුවා හරිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙන්ම පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට ද විශාල ජවයක් ගෙන දුන්නේය.
