SKIP TO MAIN CONTENT

Newstart දීමනාව මදි නිසා ඔස්ට්‍රේලියාවේ රැකියා විරහිත පුද්ගලයින් කුසගින්නේ සිටියි.

A man enter a Centrelink branch in Australia
A man enter a Centrelink branch in Australia Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ Newstart දීමනාව ලබන රැකියා විරහිත පුද්ගලයින් මුදල් ඉතිරි කරගැනීම සඳහා තම ආහාර වේල් මග හරින බව වාර්තා වේ.

සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාව සිදුකළ නවතම සමීක්ෂණයට අනුව මෙය හෙළිව ඇත.

Newstart දීමනාව හරහා දිනකට ලැබෙන ඩොලර් 40 ක මුදල ඉතිරි කරාගැනීමට ඔවුන් මෙසේ තම ආහාර වේල් මග හරින බව එහිදී හෙළිවී තිබේ.

Newstart දීමනාව ලබන පුද්ගලයිනේගෙන් 44% ක්ම අවම වශයෙන් සතියකට ආහාර වේල් 5 ක් පමණ මුදල් ඉතිරිකරගැනීම සඳහා මග හරින බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මේ අතර මුදල් පිරිමසා ගැනීමට ශීත කාලයේදී heating පහසුකම්ද ග්‍රීෂ්ම කාලයේදී cooling පහසුකම්ද තමන් ලබා නොගන්නා බව Newstart දීමනාව ලබන පුද්ගලයිනේගෙන් තුනෙන් දෙකක්ම එහිදී පවසා තිබේ.

මෙම සමීක්ෂණ දත්ත වලට අනුව වතමන් Newstart දීමනාව ඉතා ඉක්මණින් ඉහළ දැමිය යුතු බව සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති කලමනකරිනියක ලෙස කටයුතු කරන Charmaine Crowe පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now