SKIP TO MAIN CONTENT

ඉන්දීය ක්‍රීඩිකාව ධාවන තීරුව අවහිර කළ ද නිමාලි ලංකාවට රන් පදක්කම ගෙනෙයි.

Sri Lanka Sports
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: The Island



Skip to article content

ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (09/07) දිනයේදී ශ්‍රී ලංකාවේ  නිමාලි ලියනාරච්චි මීටර 800 ධාවන තරගයෙන්  රන් පදක්කම දිනාගැනීමට සමත් වූවාය.

මේ අතර මීටර 200 කාන්තා ධාවන ඉසව්වට සහභාගි වූ රුමේෂිකා රත්නායක රිදී පදක්කමක් දිනාගත් අතර නිමාලි සමග මිටර 800 ධාවන ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය.

ඒ අනුව මෙවර ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලද පදක්කම් සංඛ්‍යාව 4 කි.

මීටර 800 කාන්තා අවසන් තරගයේ අවසානය ඉතාමත් තියුණු මුහුණුවරක් ඉසිලූ අතර ඉන්දියානු ක්‍රීඩිකාව නිමාලිට ඉදිරියට ඒමට නොහැකිවන අයුරින් මං තීරුව අවහිර කිරීම නිසා නිමාලිට පළමුව රිදී පදක්කම පිරිනැමිණ.

එහෙත් නිමාලිට සිදුවූ අසාධාරණය සම්බන්ධව ප්‍රධාන තරග විනිසුරුට පැමිණිලි කිරීමටද නිමාලි සහ ගයන්තිකා පියවර ගත්හ.

ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණයකින් පසුව නිමාලිට රන් පදක්කම පිරිනැමීමට තීරණය කෙරිණ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now