SKIP TO MAIN CONTENT

මාස 9කට පසු වික්ටෝරියානුවන් දහස් ගණනක් අද සිට යලිත් රැකියා ස්ථාන වල සේවයට

People are seen in Centre Place in Melbourne, Thursday, 5 November, 2020.
People are seen in Centre Place in Melbourne. Source: AAP

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

මාස 9ක පමණ කාලයකට පසු වික්ටෝරියානු වැසියන් දහස් ගණනක් අද සිට (30 Nov) නැවතත් සිය රාජකාරි කටයුතු සඳහා සේවා ස්ථාන වෙත වාර්තා කරයි. ප්‍රාන්තය තුල පුද්ගලික අංශයට අද සිට සිය කාර්ය මණ්ඩලයෙන් 25%ක් පමණ සේවා ස්ථානයන් සඳහා ගෙන්වීමේ හැකියාව පවතී.

කෙසේ නමුත් සේවකයින් නියමිත කොරෝනා නීති පිළිපැදීම සිදු කල යුතු අතර සාම සේවකයකුම ගෘහස්ත ස්ථානයන්හි සිටියදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පවසයි.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවේද කොරෝනා සීමා ලිහිල් කොට තිබේ. මෙම සීමා ලිහිල් කිරීමට අනුව හෙට දින සිට (1 Dec) ක්‍රියාත්මක වන පරිදි වරකට පුද්ගලයින් 150 දෙනකු දක්වා රැස්වීමේ හැකියාව හිමිවේ. කෙසේ නමුත් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Nicola Spurrier උත්සව සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අවධානම් සහිත ස්ථාන මගහරින ලෙස සහ යම් අයකු පරීක්ෂණයට මුහුණ දී ප්‍රතිපල පැමිණෙන තුරු සිටීනම් එම පුද්ගලයින්ට නිවසේ රැඳෙන ලෙස දැනුම් දෙන ලෙසයි.

ඊයේ දිනයේදී දකුණු ඕස්ට්‍රේලියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැති නමුත් පසුගියදා අනවරණය වු හෝටල් නිරෝධායනයෙන් බැහැරව ව්‍යාපාර ස්ථාන කිහිපයකට ගොස් තිබු පුද්ගලයා හේතුවෙන් ප්‍රාන්තය සැලකිය යුතු අවධානමක සිටින බව ඇය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now