SKIP TO MAIN CONTENT

මෙවර IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙක්

Nine Sri Lankan players for 2021 IPL auction
Source: Facebook/ IPL

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මේ වසරේ පැවැත්වීමට නියමිත 14 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව පසුගිය සති අන්තයේදී ප්‍රකාශයට පත් කෙරිණි.

පළමුව මෙම වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රීඩකයෝ 814ක් සහ විදෙස් ක්‍රීඩකයෝ 283ක් ලියා පදිංචි කෙරුණු අතර, ඒ අතරින් අවසන් ලැයිස්තුව සඳහා තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් 292ක් පමණි.

ඊට ඉන්දීය ක්‍රීඩකයන් 164 දෙනෙක් සහ විදෙස් ක්‍රීඩකයන් 128 දෙනෙක් ඇතුළත් අතර, විදෙස් ක්‍රීඩකයගේ ලැයිස්තුවට ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයන් තිදෙනෙක් ද ඇතුළත්ව සිටිති.

මෙවර IPL වෙන්දේසියේ මූලික ලැයිස්තුව සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 31 දෙනෙක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව 9කි.

ඒ අනුව තිසර පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, වනිඳු හසරංග, කුසල් ජනිත් පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ විජයකාන්ත් වියස්කාන්ත් මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ලෙස එක්ව සිටිති.

පසුගිය වසරේ අයිපීඑල් තරගාවලිය නියෝජන කළ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන ඉසුරු උදාන සමඟින් තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, කුසල් ජනිත් පෙරේරා සහ දුෂ්මන්ත චමීරට හිමිව ඇති මූලික ලංසුව ඉන්දීය රුපියල් ලක්ෂ 50කි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.3ක් පමණ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now