SKIP TO MAIN CONTENT

රවීගේ විශ්වාසභංගයට බාලගිරි දෝෂයද?

No-confidence against Ravi Karunanayake will be delay.
Source: Daily News

1 min read

Published

Source: Ada Derana



Skip to article content

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කරයි.

සාමාන්‍ය ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවේ යම් අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම සිදු කළ යුතු වෙයි.

ඉන් අනතුරුව එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තනය කිරීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා පවසයි.

අදාළ විශ්වාසභංග යෝජනාව දින රහිත යෝජනාවක් ලෙස න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බවද ඉද්දවෙල මහතා පැවසුවේය.

එතැන් සිට දින 07 ක කාලයක් ගත වූ පසු පක්ෂ නායකයන් රැස් වී එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන දිනය තීරණය කරන බවත් ඒ අනුව ලබන සභා වාරයේදී මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now