SKIP TO MAIN CONTENT

විග්නේෂ්වරන් ට විශ්වාස භංගයක්.

Sri Lanka politics
Source: BBC

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක්  පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ඊයේ (14/06) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග  සඳහන් කරයි.

උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස  උතුරු පළාත් සභාවේ වත්මන් සභාපති සී.වී.කේ සිවඥානම් මහතා පත්කළ යුතු යැයි  මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද, උතුරේ  සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා පත්කළ යුතුයැයි  තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද  පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම   සදහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් මත මෙම මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දී ඇති බවද වාර්තා වේ.

මෙම විශ්වාසභංගයට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 21 දෙනෙකු අත්සන් තබා ඇති අතරම දෙමළ ජාතික සන්ධානයේ තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින් බහුතරයක් ද අත්සන් යොදා ඇති බව සඳහන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now