SKIP TO MAIN CONTENT

ඔක්තෝබර් 09: වික්ටෝරියානු ප්‍රාන්තය අඛණ්ඩව දෙවැනි දිනටත් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොකරයි

No coronavirus deaths have been reported in Victoria for the second consecutive day
No coronavirus deaths have been reported in Victoria for the second consecutive day Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක් වාර්තා වී ඇති අතර කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවෙයි.

ඒ අනුව අඛණ්ඩව කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි දිනය ලෙස අද දිනය වාර්තා වේ.

තවමත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 809 ම රැදී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 897 කි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 9.4 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now